Thursday, August 21, 2014

බූන්දි පාර්සලයකට අක්කා නංගී මරයි

6 හැවිරිදි සිය නැගණිය පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බඩල්කුඹුර අළුපොත බංග්ලාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද පස්වරුවේ ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. අදාළ දැරියන්ගේ පියා ඊයේ පස්වරුවේ ඔවුන්ට රසකැවිලි පාර්සලයක් ගෙනැවිත් දී තිබෙනවා.
 
එහිදී පියා විසින් රසකැවිලි පාර්සලයෙන් වැඩි කොටසක් 6 හැවිරිදි දැරියට ලබා දී ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වුණේ. ඉන් කෝපයට පත් වැඩිමහල් සහෝදරිය සිය නැගෙනිය නිවස ආසන්නයේ පිහිටි වනලැහැබකට රැගෙන ගොස් පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා. 
 
Badalkumbura Murder www.nethfm.com001
 
mmm (2)

 
14 හැවිරිදි වැඩිමහල් සහෝදරියක් විසින් 6 හැවිරිදි සිය නැගෙනිය ඝාතනය කිරීමේ පුවතක් බඩල්කුඹුර අළුපොත බංගලාවත්ත ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ දැරියන්ගේ පියා ඊයේ පස්වරුවේ ඔවුන්ට රසකැවිලි පාර්සලයක් ගෙනැවිත් ඇති බවයි.
 
එහිදී පියා විසින් 6 හැවිරිදි දැරියට රසකැවිලි පාර්සලයෙන් වැඩි කොටසක් ලබා දී තිබෙනවා. ඉන් කෝපයට පත් වැඩිමහල් සහෝදරිය සිය නැගණිය නිවස ආසන්නයේ පිහිටි වනලැහැබකට රැගෙන ගොස් පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කි‍්‍රයාත්මකයි.