Thursday, August 21, 2014

මහේලටම මුද්දරයක්..?

ටෙස්ට් තරඟවලින් සමුගත් සුපිරි ක‍්‍රීඩක මහේල ජයවර්ධන වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉල්ලීමක් කරන්නේ නම් සමරු මුද්දරයක් නිකුත් කිරීමට හැකි බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසයි.

සමරු මුද්දර නිකුත් කරන්නේ අදාළ ආයතනවලින් ඉල්ලීම් කිරීමෙන් පසුව බවත් කී ඒ මහතා මහේල වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම වැදගත් බවත්, තමන් තවදුරටත් මේ පිළිබද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් කියයි.