Wednesday, August 27, 2014

රවි කරුණානායක ආණ්ඩුවට..?

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහහා ආණ්ඩුවට එක් වන බවට පැතිරී යන වාර්තා සම්බන්ධයෙන් ඒ මහතා අදහස් පල කරයි.
‘මම ආණ්ඩුවට පනිනවා කියලා කියන්නේ අද ඊයේ නොවෙයි.අවුරුදු දහයක කාලයක ඉදන්  ඕක කියනවා.මේ දේ කියන්නේ මාව එක්සත් ජාතික පක්ෂයෙන් පන්නා ගැනීමට කටයුතු කරන ආණ්ඩුවේ පදයට නටන කොන්ත‍්‍රාත්කාරයෝයි.තනතුරු ලබාගන්න හදන අය මෙවැනි ප‍්‍රචාර දියත් කරනවා.ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක අවස්ථාවලදී මේ වගේ අසත්‍ය ප‍්‍රචාර කරලා කාලකණ්ණි සතුටක් ලබනවා.
මම ආණ්ඩුවට යනවා කියලා බොරු ප‍්‍රචාර යවලා කාලකණ්ණි තෘප්තියක් ලබන කෙනෙක් ඉන්නවා නම් ඔහු මේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් අරන් කටයුතු කරන කොන්ත‍්‍රාත්කාරයෙක් බව සදහන් කළ යුතුයි.
අද දවසේ මම පනිනවා කියනවා. බ‍්‍රහස්පතින්දා පනිනවා කියනවා. මේ සතියේ අගදී මම පනිනවා කියනවා. මෙහෙම බොරු ප‍්‍රචාර යවලා ඔවුන් මේ කාලකණ්ණි සතුට ලබනවා.මම ඒ අයට මෙම දින කීපය ගත වුණාට පස්සේ පිළිතුරු දෙන්නම්’ යැයිද මන්ත‍්‍රීවරයා කීය.