පසුගියදා වාරියපොල බස් නැවතුමේදී තරුණයෙකුට පහර දුන් තරුණිය විසින්
විදුලි සංදේශ නියාමන කොමිෂන් වෙත පැමිණිල්ලක් බාර දීමට පැමිණ තිබේ.
තම ඡායාරූප විකෘති කර අන්තර්ජාලය ඔස්සේ පලකිරීමට එරෙහිව මෙම පැමිණිල්ල
ඇය විසින් ගොනු කිරීමට ආවද සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි කොමිෂන්
සභාව වෙත භාර නොගන්නා බව පවසා ඇය පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමු කල
බව කොමිෂන් සභාව පවසයි.
කෙසේ වෙතත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු
රොෂාන් චන්ද්‍රගුප්ත පවසන්නේ මෙතෙක් ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී
නොමැති බවයි.
















































