Wednesday, August 20, 2014

වාරියපොළ ,චණ්ඩි කෙල්ල, ගැන විශේෂ පරීක්ෂණයක්

වාරියපොල නගරයේදී තරුණයකුට ප්‍රසිද්ධියේ පහර දුන් තරුණිය පිළිබඳව ආන්දෝලනාත්මක කථිකාවක් ඇතිවී තිබේග එම කාන්තාව එසේ පහරදීම සිදුකරන ලද්දේ දේශපාලන බලපෑම් හේතුවෙන් බව ඇතැම් මාධ්‍යය වාර්තා කර තිබුන අතර එය එසේ වූයේ නම් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේග

එම සිදුවීම සම්බන්ධයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝහි සම සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය පවසා ඇත්තේ ගැහැනියක වුව යුතු ලෙස බලය පාවිච්චි කලේ නම් එය වරදක් බවයිග එමෙන්ම විහිළුවක් දුරදිග ගොස් සිදුවූ මෙම සිදුවීම සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් අවශ්‍යය බවයග

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ද පෞද්ගලිකව සොයා බලන බව වාරියපොල ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයලත් මහතාද පවසා තිබේ