මැදවච්චිය
කොබිටියගොල්ලෑව ගමේ උපත ලැබූ ලාංකිකයෙකු පසුගියදා ඇමෙරිකන් ඩොලර් මිලියන
225ක් ආයෝජනය කර ඩුබායිහි තරු 5හේ හෝටලයක් විවෘත කරන ලදි.
නමින් Marriott Al Jaddaf වන එය මෙම හෝටලය ශ්‍රී ලාංකිකයකු සතු ප්‍රථම විදේශයක පිහිටි තරු 5හේ හෝටලය වේ.
මහල් 8කින් යුක්ත එය ලෝකප්‍රකට Marriott වෙළද නාමය මගින් මෙහි මෙහෙයුම් කටයුතු පවත්වාගන යනු ලබයි.
පසුගිය ජනවාරි මස සංචාරකයන් සදහා මෙය විවаත (soft opening) වූ අතර ලබන සැප්තැම්බර් මස ප්‍රධාන විවаත (Grand opening) කිරීමේ උත්සවය සංවිධානය කිරීමට සැලසුම් සකස් කර ඇත.
එක්සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අමතරව අභිමානවත් ශ්‍රී ලංකික කොඩිය ඔසවා ඇති එකම ස්ථානය මෙම හෝටලය වේ
හෝටලය සඳහා ඩුබායි නගරයේ අල් ජඩාෆ්හි මධ්‍යම රජයෙන් ඉඩම ලබාගන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 35කටය. මෙය අධි සුඛෝපබෝගී කාමර 351 කින් හා අධි සුඛෝපබෝගී අපර්ට්මන්ට්ස් (apartments) 128කින් සමන්විත වේ.
ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපලේ සිට විනාඩි 10ක පමණ අසන්නයේ පිහිට ඇති මෙම හෝටලයේ මෙම සංචාරක සමය තුල ඩොලර් 180 සිට කාමර වෙන් කර ගැනීමේ පහසුකම් සලසා ඇත.
මෙහි සිට ඩුබායිහි සංචාරක ආකර්ෂණය දිනා ගත් Dubai Mall, Dubai Gold Souq, Burj Khalifa World's Tallest Building, Mall of the Emirates, Wild Wadi, Festival City, Wafi Mall, Marina Walk, Dubai Internet City ආදී ස්ථාන වෙත ඉතාමත් පහසුවෙන් ලගා වීමට හැකි වීමද සුවිශේසත්වයකි.
නවාතැන් වෙන් කර ගැනීමේ අමතර පහසුකමක් ලෙස visa ලබා ගැනීමේ කටයුතුද හෝටලය මගින්ම ඉල්ලුම්කර ලබා දීමේ විශේෂ පහසුකම්ද අත්විදිය හැක
මෙහෙයුම් කටයුතු සදහා සේවක සේවිකාවන් 550ක පමණ පිරිසක් යොදවා ඇති අතර ඔවුන්ගේ නවාතැන් සදහාද වෙනම නවාතැන් පරිශ්‍රයක් Marriott වෙළද නාමයෙහි ප්‍රමිතීන්ට අනුව ඉදි කිරීම සදහා සැලසුම්කොට ඇත.
නන්දන ලොකුවිතාන මහතා 2009 වසරේ සිට සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් හි පූර්න හිමිකාරිත්වය දරයි. එතුමා මැදවච්චිය ප්‍රදේශයේ හැදී වැඩී පසුව මැදපෙරදිග රැකියාව සදහා ගොස් ව්‍යාපාරික කටයුතු අරඹූවෙකි.
මේ පිළිබඳව නන්දන ලොකුවිතාන මහතා පවසන්නේ මෙවැන්නක්.
"මගේ පියා පියදාස ලොකුවිතාන විදුහල්පතිවරයෙක්. දැන් වසය 82යි. අම්මා ගෘහණියක්ව හිටියේ. නම මල්ලිකා තෙන්නකෝන් ගුණවර්ධන. අම්මාගේ වයස දැන් හැත්තෑවක්. අපේ පවුලේ පස්දෙනයි. ඉතා ග්‍රාමීය පරිසරයකයි අපි හැදුණේ. මැදවච්චිය කොබිටියගොල්ලෑව ගමේ තමයි අපේ බාල කාලය ගෙවුණේ.
විශාල ආඪ්‍ය සම්පන්න ජීවිතයක් අපට තිබුණේ නෑ. වැහි පීලි වෙනුවට කිතුල් ගස් දෙකට පළලා සුද්ද කරලා දමාගත් පරිසරයක ජීවත් වුණේ. අපට හේන් තිබුණා. මේ හේන්වල දඬු වැට, අලි වැට, කැලෑ වැට තිබුණා. අපි ඒ වගේ වැඩ කළා. හේනට එන සත්තු එළවපු විදිය තාමත් හොඳට මතකයි. හේන් ගිනි තියපු හැටි සහසුද්දෙට මතකයි. පස සාරවත් නොමැති තැන්වල කුරක්කන් දැම්මා. සාරවත් ප්‍රදේශවල මිරිස් දැම්මා.
මගේ මේ ව්‍යාපාරික කතන්දරයට මෙය අයිති නෑ මට හිතෙන විදියට. නමුත් මම මේක කියන්නේ මගේ මානසිකත්වය තවම එතැන. මගේ සිතුවිලි තවම ගමේමයි කියන එක හදවතේ ගැඹුරුම තැනින් තියන්න.
මම මූලික අධ්‍යාපනය ලැබුවේ පිහිඹියගොල්ලෑව පාසලෙන්. එහිදී මම පහේ ශිෂ්‍යත්වය සමත් වෙනවා. ශිෂ්‍යත්වය සමත් වුණාම මාව යවනවා තාත්තගෙ ගමට. හොරණට. හොරණ ජනාධිපති විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණිය දක්වා අවුරුදු හතරක් ඉගෙන ගන්නවා. උසස් පෙළට විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලකුණු දීමේ ක්‍රමවේදය ඒ කාලේ තිබුණ නිසා මම සාමාන්‍ය පෙළ හදාරන්නේ අනුරාධපුර නිවන්තක චේතිය විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්.
තාත්තාගේ සිහිනය තිබුණේ මාව ඉන්ජිනේරු අංශයෙන් ඉහළට යවන්න. 1987දී N. D.T කිරීමට අවස්ථාව උදා වුණා. 87/88 කියන්නේ අපේ රටේ බිහිසුණු පරිසරයක් තිබුණු කාල පරිච්ඡේදයක්. මාව කොළඹට එව්වා. කොළඹ ඉන්න අතරේ අමතර ආදායමක් හොයා ගන්න ගෙවල්වලට ගිහිල්ලා සාමාන්‍ය පෙළ ගණිතය විෂයට ටියුෂන් දුන්නා.
ඒ අතරවාරයේ කඳවල සර්ජෝන් කොතලාවල පීඨයේ පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතර වාරයේ මම මහරගම හයිඩ්‍රාමනි ආයතනයට අනුබද්ධ සිලෝන් නිට්ට්‍රේඩ් සමාගමේ කෙටි කාලයක් සේවය කළා. මම බොහෝ දේ ඒ කෙටි කාලය තුළ වුවත් එම සමාගමෙන් ඉගෙන ගත්තා.
1989 මම ඩුබායි රටේ අජ්මාන් ප්‍රදේශයේ සමාගමක නිෂ්පාදන සහකාරවරයකු ලෙස සේවයට පැමිණියේ මවුපිය විරෝධතාව මත. ඒ කාලේ ඩුබායි යනවා කියනකොටම හිත්වල පහළ වන්නේ ගෘහසේවක, සේවිකා මානසිකත්වයක්. ඒ නිසා තමයි තාත්තා කැමැති වුණේ නැත්තේ. මම ගුවන් තොටුපොළට ආවෙත් තනියම.
ඉතා මහන්සිවෙලා වැඩ කළා. පැය 14 - 16 වැඩ කළා. ඒ කාලයේම ඇමෙරිකානු වෙළෙඳ මෙහෙයුම් සමාගමක සේවයට ගියා. මම පියවරෙන් පියවර ඉදිරියට ගියා. නිෂ්පාදන සහායක නිෂ්පාදන කළමනාකරු වුණා. නිෂ්පාදන කළමනාකරු, සාමාන්‍යාධිකාරී වුණා. ඉන්පසුව කලාප කළමනාකරු (Country Manager) ලෙස උසස්වීමක් ලැබුවා.
1989දී මම ඩුබායි අජ්මාන්වලට ආවේ. වසර 2000දී අවුරුදු එකොළහකට පස්සේ නිලෝනා පැෂන් නමින් සේවකයන් 400 කගෙන් යුක්තව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඇරඹුවා. එය පිහිටියේ සාජා නිදහස් වෙළෙඳ කලාපයේ. මේ සේවක සේවිකාවන්ට ආහාර ලබාදීමේ ප්‍රශ්නයක් ටික කාලයකදී ආවා. එතැනදී චන්දන මල්ලිව ගෙන්නගෙන කේටරින් සර්විස් එකක් ආරම්භ කරලා ඒක මල්ලිට භාර දුන්නා.
සමාගම් රැසකට ආහාර සැපයීමට හැකිවුණා. ඒ ව්‍යාපාරය තවමත් කරනවා. ඒ අතර වාරයේ රෙදි සේදීමේ කම්හලක් ඇරඹුවා. ඒකත් නිලෝනා නමින් තමයි ඇරඹුවේ. ඒවා හොඳට කරගෙන ගියා. මමත් නිෂ්පාදන කළමනාකාරවරයෙක් නිසා විෂය දැනුම තිබුණා.
ඉන්පසුව ඔනෙක්ස් ඉන්ඩස්ටී්‍රස් ආරම්භ කළා. යකඩ නිෂ්පාදනය සහ ඉදිකිරීම් කටයුතු ඒ සමාගමෙන් කළා."
මෙම අභිමානවත් ශ්‍රී ලංකික හෝටලයේ වෙබ් අඩවිය සදහා පිවිසෙන්න මෙතනින්.

.jpg)