පහරකෑමෙන් පසු සෙල්වා රැවුල කපා දමයි
මොකද සෙල්වා එදා වුණේ?
‘අනේ
මන්දා. මං එදා ඇවිද ඇවිද හිටියේ. එතකොට මං දැක්කා නංගිලා දෙන්නෙක් බස්
නැවතුම් පොළේ වැසිකිළිය ළඟ හිටගෙන ඉන්නවා. එයාල දෙන්නගෙම ඇඳුම්වල ගොඩක්
තැන් මහලා තිබුණේ නෑ.
ඒක දැකලා මං කීවා ඔහොම ඇඳුම් ඇඳගෙන ටවුමේ
ඇවිදින්න එන එක කැතයි කියලා. ඒ වෙලාවේ ඒ අය මොකුත් කීවේ නෑ. ටික වේලාවකින්
මං අයෙමත් ඒ අසලින් යන කොට ඒ දෙන්නා මගේ පස්සෙන් ආවා.
මං දැනගත්තා මොකක් හරි අවුලක් කියලා. ටික දුරක් යනකොට ඒ දෙන්නා මාව අල්ලාගත්තා. අල්ලගෙන මගේ මූණට ගහගෙන ගහගෙන ගියා.
ඒ
අය මට බැන්නේ ඇයි එයාලට එහෙම කිව්වේ කියලා. මං වැරදි ආකාරයකින් එහෙම කීවේ
නෑ. ඒ වුණාට එයාලා නොනවත්වාම මට ගැහුවා. වටේ ඉන්න අය බලාගෙන හිටියා මිසක්
බේරගන්න ආවේ නෑ.
ඉතිං ඔබ ඇයි බේරී යන්න උත්සාහයක්වත් නොගත්තේ?
‘මට
තේරුණා මං වැරදි දෙයක් කියලා තියෙන්නේ කියලා. ඒ නිසා පාරක් දෙකක් ගහලා
එයාලගේ තරහා නිවා ගනී කියලා හිතුන නිසා සද්ද නැතුව හිටියා. ඒත් එයාලා පැය
භාගයකට වඩා මට ගැහුවා. අන්තිම වෙද්දි මට දුවලා යන්නවත් බැරුවා ගියා. එයාලා
මොන හයියක් හිතට අරන් මට ගැහුවද මන්දා?
ඇයි ඔබ ඔවුන්ට පහර නොදුන්නේ?’
මං
එයාලට අතක්වත් උස්සන්න හිතුවේ නෑ. ඒ අයට ගහන එක හොඳ දෙයක් නෙවෙයි කියලා
මට හිතුණා. ඒ නිසයි මං නිහඬ වුණේ. නැත්නම් ගහන්න බැරි කමකට නෙවෙයි.
ඔබ මත්පැන් පානය කරලද හිටියේ ඒ වෙලාවේ?
මං
ටිකක් බොනවා නම් තමයි. ඒත් ඒ වෙලාවේ බිලා හිටියේ නෑ. ඒ සිද්ධියෙන් පස්සේ
මං තවම වාරියපොළ ටවුමට ගියේ නෑ. මේ වගේ මොකක්හරි කුලී වැඩක් කරගෙන ඉන්නවා.
යැයි කියමින් ඔහු අතේ තිබූ රෙදි වළල්ල පෙන්නුවේය.
මෙම සිද්ධියෙන්
පසු ඔහුගේ මුහුණ පුරා තිබූ රුවුල කපා දමා ඇත. මිතුරන් පැවසූ නිසා රුවුල
කැපූ බව සෙල්වා පවසන්නේය. වාරියපොළ නගරයේ බොහෝ දෙනකුද මේ සිද්ධිය හෙළා
දකිමින් අපට අදහස් දැක්වීය. ඔවුන් බොහෝ දෙනා කියන්නේ තරුණියට තරහක් ඇතිවූවා
නම් පහරක් හෝ දෙකක් ගැසීමෙන් පසුව පහරදීම නතර කළ යුතුව තිබූ බවයි. එහෙත්
ඇය එසේ කර නැත. දැන් බොහෝ දෙනාගේ උදහසට ඇය ලක්ව ඇත්තේ ඒ නිසාය.
සුනිල් එස්. පැල්ලන්දෙණිය /ඉනෝකා දමයන්ති - වාරියපොළ
















































