ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි
අමල්කා තරුණිය ‘යළි යළිත් දූෂණය කළ’ බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයෝ
පවසති.ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ චමිලා තුෂාරි ඒ බව කියා සිටියේ පසුගියදා තමන්ට සරදම් කළ තරුණයෙකුට වාරියපොළදී පහරදීම සම්බන්ධයෙන් තිලිණි අමල්කා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.
තිලිණි අමල්කා, නිරන්තර හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන ලාංකීය කාන්තාව වෙනුවෙන් පෙනී සිටි දිරිය දියණියක් බව ඇය අවධාරණය කරන්නීය.
“මේක අලුත් පිබිදීමක්. මෙච්චර කල් නීතියේ රැකවරණය කාන්තාවට ලැබුනේ නෑ, මේ තරුණිය ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න. දැන් පොලිසියේ ඇස් අරුණ මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල. අද මාස පහේ දරුවාගේ ඉඳල අවුරුදු 85 මැහැල්ල දක්වා දූෂණය කරනවා. අද පොලිසියේදීත් ඇය රස්තියාදු කෙරුණා. නැවත නැවතත් ඇය දූෂණයට ලක්වෙනවා” යනුවෙන්ද ඇය සඳහන් කළාය.
තමන්ට අතවර කළ තරුණයාට වාරියපොලදී පහරදීම ජනමාධ්‍ය වාර්තා කළ අන්දම දැඩි විවේචනයට ලක් කළ ඇය එය විග්‍රහ කළේ ‘පැපරාසි ක්‍රමයේ වැරදි ප්‍රචාරයක්’ ලෙසිනි.
කෙසේ නමුත් එම පහරදීම සාධාරණීකරණය කිරීම සිය උත්සාහය නොවන බව චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියාය.
අත්අඩංගුවට ගැනුණු තිලිණි නිදහස් කොට තිබෙන බවද ඇය හමුවීම සඳහා වාරියපොළට ගොස් එමින් සිටින අතරවාරයේ අදහස් දැක්වූ ක්‍රියාධාරිනිය කියා සිටියාය.
- BBC















































