Thursday, August 28, 2014

අම්මා මාමා සහ නැන්දා එක්ව පණ පිටින් වැළලූ දැරියක්

ඥාතීන් විසින් පණ පිටින් වළලන ලද 7 හැවිරිදි දැරියක් ප්‍රදේශවාසියෙකු විසින් බේරාගෙන තිබෙනවා. ආලෝක් කුමාර් නමැති මොහු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මාන්පූර් ගම්මානයේ පදිංචි කරුවෙක්. ඔහු තම ගොවි බිමේ සිට පැමිණෙමින් සිටියදි වළ දමා සිටි මෙම දැරිය බේරාගත් බවයි පැවසෙන්නේ. 
 
දැරියගේ ගෙළ මිරිකා ඇය සිහිමුර්ජා වීමෙන් පසු පාළු ස්ථානයක නොගැඹුරු වළක වළලා තිබූ බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ..
 
වළ දැමීමෙන් ටික වේලාවකට පසු සිහිය ලබා ඇති දැරිය වළෙන් ගොඩට ඒමට කෑගසමින් උත්සාහ දරා තිබෙනවා. එම ශබ්ධය ඇසුනු ආලෝක් කුමාර් ඇයව වලෙන් ගොඩ ගෙන රෝහල් ගතකර තිබෙනවා. මේ වන විට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි වාර්තාවන්නේ.
 
දැරියගේ මව, මාමා සහ නැන්දණිය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති බවයි ඉන්දීය පොලීසිය පවසන්නේ. Girl www.nethfm.com001 Girl www.nethfm.com002