Monday, August 25, 2014

මැලේසියානු ගුවන් යානයකදී දූෂණයට ලක්වු යුවතියක්

ඇගේ නම ලෝරා බෂ්නි ය. ක්වාලාලාම්පූර් සිට පැරීසිය බලා පියාසර කරනා මැලේසියානු ගුවන් සමාගමට අයත් එම්.එච් 20 ගුවන් යානයෙන් 26 හැවිරිදි ඇය යමින් සිටියේ පැරිස් නුවර වෙසෙන තම පෙම්වතා හමුවන්නටය.

මෙම ගුවන් ගමනේදී ලෝරා අසුන්ගෙන සිටි අසුනට යාබද අසුන තිබී ඇත්තේ හිස්වය. ගුවන් යානයේ ප්‍රධාන ස්ටුවර්ඩ් වරයා වූ මොහොමඩ් රොස්ලි බින් අබ් කරීම් නැමැත්තා එම අසුනේ හිඳගෙන තමන්ගේ විරෝධය නොතකා අවස්ථා දෙකකදී තම රහස් පෙදෙස රළු ලෙස ස්පර්ෂ කළ බවයි ඇය පවසන්නේ.
 
මෙම සිදුවීම පිළිබඳව පැමිණිළි කරීමෙන් අනතුරුව කෙරුණු මූලික පරීක්ෂණයේදී ඔහු පවසා ඇත්තේ එම කටයුත්ත සඳහා ලෝරා ගේ විරෝධයක් නොතිබූ බවය.
 
මෙම පුද්ගලයා අදාල  චෝදනාවට වැරදිකරු වුවහොත් වසර පහ‍ළොවක පමණ සිර ඳඩුවමක් හිමි වනු ඇති.