Monday, August 25, 2014

මාධ්‍ය මගේ පවුල කැඩුවා.. බිරිඳ මා හැර ගියා – ගුටි කෑ සෙල්වා

වාරියපොල බස් නැවතුම්පොලේදී තරුණියකගෙන් දරුණු ලෙස ප‍්‍රහාරයට ලක් වූ 30 හැවිරිදි රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වාගේ පවුලේ තත්වය වඩාත් බරපතල වී ඇතැයි වාර්තා වෙයි.
සිද්දිය නිසා සිත් තැවුලට පත් ව සිටි ඔහුගේ බිරිඳ දරුවද රැගෙන නිවස හැර දමා ගිය බව සෙල්වා කියයි.
එම සිද්ධියෙන් පසු වාරියපොළ, විලාකටුපොත පල්ලිය අසල පදිංචි ව සිටි සෙල්වා සොයා විවිධ මධ්‍ය කණ්ඩායම් නිවසට ඒම නිසා සිද්ධිය මේ තරම් දරුණු වූ බවද සෙල්වා කියා සිටී.