Sunday, August 3, 2014

හේට් ස්ටෝරි 2

http://www.rivira.lk/online/images/2014/07/27/new.jpgබොලිවුඩය උණුසුම් කරන ‘හේට් ස්ටෝරි 2’ චිත්‍රපටය පසුගිය 17 වැනිදා තිරගත වීම ඇරඹූවා. තිරගත වීමටත් පෙර බොලිවුඩ්හි උණුසුම් ප්‍රතිචාර දිනාගත් ‘හේට් ස්ටෝරි 2’ වැඩිහිටියන්ට පමණක් නොවන චිත්‍රපටයක් වුවත් එහි අඩංගු කාමුක දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමත් සමග ‘හේට් ස්ටෝරි 2’ වැඩි අවධානයක් දිනා ගත්තා.
‘හේට් ස්ටෝරි’ පළමු චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වීමත් සමග ‘හේට් ස්ටෝරි 2’ චිත්‍රපටය වික්‍රම් භාට්ගේ නිෂ්පාදනයෙන් විශල් හරප්පාගේ අධ්‍යක්ෂණයෙන් නිමැවූ අතර අතිශය ජනප්‍රිය රූපවාහිනී රංගන ශිල්පිනියක් වූ සුර්වින් චම්ලා, සමගින් සුසාන්ත් සිං ප්‍රධාන චරිත නිරූපණය කරන ‘හේට් ස්ටෝරි 2’ චිත්‍රපටයට සනි ලියොන් ආරාධිත රංගනයෙන් දායක වනවා. තරුණ ඡායාරූප ශිල්පියෙක් මුම්බායි නගරයට පැමිණ ඔහු මුහුණ දෙන ජීවන අර්බුදය හා වෘත්තීය වටපිටා ආදරය හා රාගයෙන් මත්වූ ඉසව්ද ස්පර්ශ කරමින් ‘හේට් ස්ටෝරි 2’ චිත්‍රපටයේ අන්තර්ගතයට ගොනුකර ඇත.