1 ඔබේ සම්පූර්ණ නම මොකක්ද?වත්තේගෙදර අචලා ප්‍රියදර්ශනී කරුණාරත්න.
2 ගෙදර අය ඔබට අමතන්නේ මොකක් කියලද?
අම්මයි තාත්තයි මට කතා කරන්නේ චූටි දුව කියලා. සහෝදර සහෝදරියෝ මට කතා කරන්නේ ‘චූටි’ කියලා.
3 රංගනයට ආරාධනා ලැබිලා තියෙනවාද?
ඔව්. ආරාධනා කිහිපයක්ම ලැබුණා රඟපාන්න. රංගන ශිල්පිනියක් වෙන්න ලොකු කැමැත්තක් නෑ.
4 ඇයි ඒ?
මම කැමැති නිවේදිකාවක් විදියට ඉස්සරහට යන්න.
5 මතෛක් පැමිණි ගමන ගැන සතුටු වෙනවද?
මට ගොඩක් සතුටුයි. හෙමින් ආපු ගමනක් මේක. කෙටි මාර්ග ඕනතරම් තියෙනවා නිවේදිකාවක් ලෙස ජනප්‍රිය වෙන්න. මම මේ ගමන ආවේ නිවේදනය ගැන නිවැරදිව ඉගෙනගෙන අත්දැකීම් එක්ක.
6 මේ රැකියාව නොකළ නම් ඔබ කරන්නේ මොන විදියේ රැකියාවක් ද?
ගුවන් සේවිකාවක් වේවි. මම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න. නිවේදිකාවක් වුණ නිසා ඒ ආසාව හිතින් අයින්කර ගත්තා.
7 ඔබ ජීවිතේ කියා හිතන්නේ..?
දෙමව්පියන්, රැකියාව, මුදල් කියන දේ ජීවිතේට අත්‍යවශ්‍යයි කියලා මම හිතන්නේ.
8 ජීවිතේ අරමුණ කුමක්ද?
රටට වැඩදායී ලෙස අර්ථවත් විදියට ජීවත් වෙන්න. මගෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් ඉෂ්ටකරලා තමයි මම ජීවත් වෙන්නේ.
9 හිතට දුකක් දැනුණාම මොනවද කරන්නේ?
ගොඩක් වෙලාවට සින්දු අහනවා. මටම තෝරාගත්ත වෙනම සින්දු ටිකක් තියෙනවා. දුකක් දැනුණාම ඒ සින්දු ඇහැව්වාම මගේ දුක නිවෙනවා.
10 ඔබ වැඩියෙන්ම සතුටු වුණු දවස?
එහෙම විශේෂ එක දවසක් නෑ. මම සතුටු වුණු ගොඩක් දවස් මට තියෙනවා.
11 ඔබ වැඩියෙන්ම දුක්වුණු දවස?
මම ආදරෙන් හදපු මගේ බලු පැටියා නැතිවුණ දවස. එයාට දීපු ආදරය වෙන සුරතලෙක්ට දෙන්න අමාරුයි.
12 ඔබ කලකිරුණු දවස?
එහෙම මම මගේ ජීවිතේ ගැන කලකිරිලා නෑ. මට එහෙම දවසක් උදාවෙන්නවත් එපා කියලා මම හිතනවා.
13 ආදරේ ගැන ඔබ හිතන්නේ කොහොමද?
සුන්දර දෙයක්. ඒ ඒ වයස්වල දී විවිධ විදියට තමයි ආදරය විඳින්න ලැබෙන්නේ.
14 පළමු පෙම්වතා කවුද?
පාසල් ප්‍රේමයක් මට තිබුණේ. අදටත් අපි කතාබහ කරනවා. හැබැයි ඒ ප්‍රේමය නිසා අධ්‍යාපනය නම් බිඳවැටුණේ නෑ. මොකද මගේ හැමදේටම ඔහු මට උදව් කළා.
15ප්‍රේමය බිඳවැටුණොත්?
දැනටමත් මගේ ප්‍රේමය බිඳවැටිලානෙ තියෙන්නේ. ඒකට හේතුව අපි ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය වෙනස්. පුද්ගලයාගෙන් පුද්ගලයාට දරාගැනීමේ ශක්තිය වෙනස් වෙනවා. අවට පරිසරයෙන් පාඩම් ඉගෙනගෙන මම ඉවසලා ජීවත්වීම ප්‍රගුණ කරලා තියෙන්නේ. ඒත් අපිත් එක්ක එකට හිටපු කෙනෙක් අපේ ජීවිතෙන් ඈත් වුණාම ඒ අඩුව ජීවිත කාලෙටම දැනෙනවා. ඇත්තටම ඒ අඩුව දැනෙනවා.
16 ආදරේ කරන කෙනකුට දෙන්න කැමැති මොන විදියේ තෑග්ගක් ද?
ඒ කෙනාට ප්‍රයෝජනවත් ඒ කාලය තුළ අවශ්‍යකරන වටිනාකමක් තියෙන දෙයක් මම දෙන්න කැමැතියි.
17 ඔබගේ උපන් දිනයට ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන විදියේ තෑග්ගක් ද?
මම ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. මට ලැබෙන ඕනම දෙයක් සතුටින් භාරගන්නවා. පුංචිම දෙයක් වුණත් සෙනෙහසින් දෙන දෙයක්නෙ.
18 ඔබගේ ජීවිතයේ ලැබුණු හොඳම තෑග්ග මොකක් ද?
මට චූටි බෝනික්කෝ තුන්දෙනෙක් ලැබුණා. කළු, රතු, නිල් පාටවලින්. ඒ තමයි මට ලැබුණ වටිනම තෑගි.
19 අත්හැර ගන්න කැමැති පුරුද්දක් තියෙනවද?
ඔව්. මම ඕනවට වඩා ඕන දෙයක් හිතනවා. ඒ දේ අතහැර ගන්න කැමැතියි.
20 ඔබ කැමැති පෙම්වතා මොන විදියේ කෙනෙක් ද?
ගොඩක් සරලව හිතන ඉවසීමක් තියෙන කතාබහ කරලා ප්‍රශ්න විසඳගන්න කෙනෙක්ට මම කැමැතියි.
තිළිණි මධුවන්ති
ඡායාරූප- චමිල කරුණාරත්න
















































