
ඇයට අතීතය අමතක කළ විට බොහෝ දේ අමතක කළ හැකි සේයග කවුරුන් විසින් හෝ දුකට ඇද දැමූ මේ ගැහැනිය අද අතීතය ගැන සිතන්නේ නැතග ඈල ඈ ගැන පසුතැවිලි වන්නේ ද නැතග මේ ගැහැනිය මේ තත්ත්වයට පත්කළේ කවුරුන්ද රෑමම කසාඳ බැන්දේ අවුරුදු දහසයේ දීග මගේ නමල ගමල වයස කාටවත් වැඩක් තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැග මගේ ජීවිතේ අමතක කරන්න ඕන හුගක් දේවල් තියෙනවාග සමහර දේවල් මං අමතක කරලා ඉන්නේග ඒ නිසා දැන් මට මගේ අම්මාල තාත්තාල පවුලේ අය ගැන මතක නැහැග ඕනෙ නම් මම මං ගැන කියන්නම්ගචන්දිමා එසේ කියමින් දැල් කවුළුවෙන් ඈත බලන්නට වූවායග ඇගේ නෙත රැඳී ඇති ඉසව්වට මම ද නෙත් හෙළුවෙමිග සිපිරි ගෙදර බෝධීන් වහන්සේ ඉදිරිපිට ඇතමෙක් බෝධිපූජා පවත්වයිග තවකෙක් භාවනා කරයිග මේ සියල්ල අතරේ ඒ අසලම බලාගත් අත බලා සිටින ගැහැනුන් දෙතුන් දෙනෙකිග
මොනවා හිතනවා ඇතිද මේ අය
මට සිතිණිග
මමත් මෙහෙ ආපු දවස්වල එතැනට වෙලා වාඩිවෙලා ඉන්නවාග එතැන හරිම සනීපයිග හිත සැනසෙනවා
චන්දිමා යළිත් කතාව පටන් ගත්තායග
ඔයාට දැනගන්න ඕන ඇයි මං මෙහෙ ආවේ කියලනේගග මිනිස්සු ආසාවට හිර ගෙදර එන්නේ නැහැග වැරැද්දක් කෙරුවම තමයි හිරේ එන්නේග ඒත් අපිට වඩා වැරදි කරපු අය හිරේ ඉන්නවාගග
චන්දිමා එක දිගටම කියවගෙන ගියායග ඇයල ඇය ගැන කියන්නට පමා වැඩියග කොයි මෙහොතේ හෝ ඇය මේ මාතෘකාවට එනතුරු මම බලා සිටියෙමිග
මම කසාද බැන්දේ අවුරුදු දහසයේදී…
ඒ තරම් අඩුවයසින් බැන්දේ ගෙදර අය අකමැති වුණේ නැද්ද රෑ
පොඩ්ඩක් ඉන්න කියනකම් මම කැමැත්තෙන් කසාද බැන්දේ නැහැග මං ඉස්කෝලේ යන කාලේ ඒ කියන්නේ අවුරුදු පහළොවක් විතර කාලේ බාප්පා මාව අමාරුවේ දැම්මාග ඒත් අපේ අම්මට ඒ බව කිව්වට අම්මා ඒක පිළිගත්තේ නැහැග මගේ තාත්තා මැරුණට පස්සෙ අම්මා බාප්පව බැන්දාග මට දරුවෙක් ලැඛෙන්න ආවාග එතකොට අම්මා මම කියපු කතාව ඇත්ත කියලා පිළිගත්තාග ඒත් අම්මා බාප්පට වැරැද්දක් කිව්වේ නැහැග ඒ බාප්පට සල්ලි තිබුණ නිසාග
ඉස්කෝලේ යන්න ඕන නැහැග ගෙදර නතර වෙන්නග අපි ඔයාව කාට හරි බන්දලා දෙනවාග එහෙම කියපු බාප්පා ඊට දවස් දෙක තුනකට පස්සේ එයාගේ ෆැක්ටරියේ වැඩකරපු මිනිහෙක්ව එක්කගෙන ආවාග මං කැමතිද අකමැතිද කියල ඇහුවෙත් නැහැ මාව ඒ මිනිහට බන්දලා දුන්නාග මාව බන්දලා දුන්නේ මට අවුරුදු විස්සක් කියලාග බාප්පා සල්ලි කාරයා නිසා කවුරුත් ඒ ගැන හෙව්වේ නැහැග අම්මා මේ කිසිම දේකට අකමැතිල කැමති බවක් පෙන්නුවේ නැහැග එයාට ඕන වෙලා තිබුණේ මාව ඉක්මනින් ගෙදරින් යවාගන්නග
කොහොම හරි අර බාප්පා එක්ක ආපු මිනිහව කසාද බැඳලා මම බාප්පගේ පොල් වත්තේ පදිංචියට ගියාග එයාගේ නම ගාමි”ග ගාමි” ටිකක් නෝන්ජල්ග ඒත් ඒ මිනිහා මට හොඳට සැලකුවාග මං හිතුවා මට බාප්පාගෙන් වෙන කරදර ඉවරයි කියලාග ඒත් ඒක එහෙම වුණේ නැහැග මාසයකට සැරයක් දෙකක් බාප්පා වත්තට ආවාග ඒ හැම වතාවෙම මට වුණේ බාප්පව සතුටු කරන්නග මං ගාමි”ට කිව්වා මාව මේ කරදරෙන් බේරගන්න කියලාග ඒත් එයා මගෙන් ඇහුවේ මොනවද කරන්නේ කියලාග අපිට කරන්නෙ මොනවද කියලා තේරුමක් තිබුණේ නැහැග මට දරුවා ලැඛෙන්න හිටියට මට ඒ දරුවා ගැන කිසිම ආදරයක් තිබුණේ නැහැගඒක එහෙම වුණේ ඒ දරුවා බාප්පගේ නිසාග මං ගාමි”ට කිව්වා දරුවා ලැබුණම අපි දරුවා ළමා නිවාසයකට දෙමු කියලාග අපිට ජීවිතේ හෙට දවස ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැග ඔය අතර තමයි ගාමි” ආගිය අතක් නැති වුණේග මං එයාව හොයන්න වෙහෙසුණාග ඒත් බැරි වුණාග බාප්පා ඒ ආරංචියට ගෙදර ආවේ අම්මත් එක්කග අම්මා මාව දැකලා ඇඩුවාග
අපි යමු ගෙදර අම්මා මාව ගෙදර එක්කගෙන ආවාග දරුවා ලැඛෙන්න තිබුණ මාස දෙකක විතර කාලයක්ග ඒත් ටික දවසක් යනකොට මට තේරුණා දරුවගෙ වෙනසක්ග දරුවා දගලන බවක් දැනුනේ නැහැග
කොහොමහරි මට අමාරුවෙලා රෝහලට ගියාග දරුවා ඉපදෙන විටත් මැරිලාග මට ඒ ගැන දුකක්වත් සතුටක්වත් දැනුණේ නැහැග ඒත් මං මහා විශාල බරකින් නිදහස් වුණා කියන සතුට මට තිබුණාග
දැන් මොකද කරන්නේ හැම කටයුත්තක්ම අවසානයේ අම්මා මගෙන් ඇහුවාග මං අම්මගෙ දිහා බලාගෙන හිටියේ මහා අසරණකමකින්ග
මට ඔයාව මෙහෙ තියාගන්න බැහැ චන්දිමාග ඔහාගේ නංගිටයි මල්ලිටයි හොඳ අනාගතයක් තියෙන්න ඕනග
අම්මා එහෙම කිව්වේ එයාට බාප්පා නිසා ලැබුණ දරුවො ගැන හිතලාග
මං කාත් කවුරුත් නැති වෙලාවක එතැනින් පිට වෙන්න තීරණය කළාග යන්න එන්න තැනක් නොතිබුණ මම එදා රෑ හිටියේ බස් හෝල්ට් එකේග එතනින් පස්සේ මට වෙච්ච දේවල් අහන්න එපා
මෙතෙක් වෙලා හැගීම් දැනීම් නැති ලෙස තම කතාව කියාගෙන ගිය චන්දිමා එකවරම ඉකිබිඳ හඩන්නට වූවායග ඇය විනාඩි කිහිපයක් එක දිගට ඇඩුවායග
මාව එදා රැයින් පස්සේ අතින් අතට ගියාග මට මගේ ජීවිතේ ගැන තියෙන්නේ පිළිකුලක්ග මට සල්ලි හම්බවුණාග කන්න බොන්න ලැබුණාග ඒත් මට වැටිලා ඉන්න තැනක් තිබුණේ නැහැග පාරේ තියෙන ටැප් එකෙන් නාලා කඩේකින් කාලා බස්හෝල්ට් එකක නිදියගෙන ඉන්දැද්දි තමයි මට නෝනා හම්බවුණේග එයා මාව එයාගේ ගෙදර එක්කගෙන ගියාග ඒ ගෙදර මං වගේ තව අය හිටියාග මට හොඳට නාන්නල අලුත් ඇඳුම් අඳින්නල කන්න බොන්න ලැබුණාග පාරක් පාරක් ගානේ ඇවිද ඇවිද දකින දකින මිනිහත් එක්ක ගිය මට පිළිවෙළකට ඉන්න ලැබුණාග ඒ කාලේ මං කිහිපවතාවක්ම පොලිසියට අහුවුණාග
එතකොට මේ පාර හිරේ ආවේගගගගග
මේ හිරේ ආව පළවෙනි වතාව නෙමෙයිග මේ පාර අපේ තව දෙන්නෙක් අහුවුණාග නෝනා අපිව ඊළග නඩුවාරයේ දී ඇපදීලා බේරගන්නවාග ඒක මට ෂුවර්ග අනිත් එක වෙනසකටත් එක්ක ඉඳලා හිටලා හිරේ එන්න වෙන එකත් හොඳයිග
මේ පාර එළියට ගියාම මේ රස්සාව අතහරිනවද රෑ මම ඇය දෙස බලා ඇසුවෙමිග
මොන පිස්සුද කවුද කන්න අඳින්න දෙන්නේග මේ ජීවිතේ ගෙවනවා ඇරෙන්න දැන් මට අලුත් ජීවිතයක් පටන්ගන්න කාලයක් නැහැග
ඇය එසේ කියාගෙන මා පසුකර යන්න ගියායග තරුණ පෙනුමැති ඇයගේ ජීවිතේ හෙට දවස ගැන ඇයට කිසිදු බරක්පතලක් නැතග එන විදිහට ජීවිතයට මුහුණ දීමට ඇය සිතාගෙන සිටීග
රෝහණ ජයලාල්















































