ජනාධිපතිවරණයට
ඉදිරිපත් වී සිටි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සම්බන්ධයෙන් මෙරට දෛවඥයන්
විසින් විවිධ මත පළ කර තිබුණා. බහුතර පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා
බව කියා තිබුණත් නාත්තන්ඩියේ පී.ඩී. පෙරේරා මහතා පැවසුවේ මෛත්‍රීපාල
සිරිසේන මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නා බවයි. මේ නෙත් නිව්ස් ඔහු සමග කළ
සම්මුඛ සාකච්ඡාවක්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම 56 බල
පෙරලියට සමාන සිදුවීමක් බව ප්‍රවීන ජ්‍යෝතීර්වේදී නාත්තණ්ඩියේ
පී.ඞී පෙරේරා මහතා පවසනවා. ජනවාරි 08 වැනිදා පැවති ග්‍රහ පිහිටීම අනුව
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වැලැක්වීමට කිසිවෙකුට නොහැකි බව
තමන් මුල සිටම පෙන්වා දුන් බවද පී.ඞී පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා
දුන්නා.
2014 ජනවාරි පස් වෙනිදා පැහැදිළිව මම කියලා
තිබුණා ජුනි මාසයෙන් පස්සේ සුවිශේෂි පුද්ගලයෙක් විපක්ෂයෙන් ඉදිරිපත් වෙනවා
කියලා ජනාධිපතිවරණයට. ඒ වගේම ජනාධිපතිවරණයත් 2014 අවුරුද්දේ එනවා කියලා.
ජනාධිපතිවරණයත් ආවා. මේ සුවිශේෂ පුද්ගලයත් ආවා... අපේ මෛතී‍්‍රපාල සිරිසේන
මහත්තයත් ආවා... එතකොට මේ කාන්තාවක් මේ සටහන මෙහෙයවනවා කිව්වා...
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මේ සටන මෙහෙයවූවා. ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය
2014 ඉවර වෙන්න කලින් ඉවර වෙනවා කිව්වා. එය පැහැදිළිවම දෙසැම්බර් වන විට
අවසන් වුණා. ආණ්ඩුවේ අර්බුද ඇති වෙනවා කිව්වා. ජනාධිපතිතුමාට තමන්ගේම කකුල්
දෙක යටින්ම විරුද්ධවාදීන් ඇතිවෙලා ප්‍රශ්නවලට මුහුණපාන්න වෙයි කිව්වා.
එතුමාට ඒරාෂ්ඨකයක් ලබන නිසා. තිබිච්ච ආණ්ඩුව පෙරලිලා යන්න එකම හේතුව තමයි
ලංකා කේන්ද්‍රයේ 10 වැන්නේ සෙනසුරු හිටියා ඒ වෙලාවේ. එතකොට 10 වැන්නට ඇවිත්
වෘශ්චික රාශිය 10ය. 10 වැන්නේ තනතුර අනිවාර්යයෙන්ම හේදිලා යනවා. ඉතින් 56
විප්ලවය කියලා අපි කියන්නේ... 56දී වගේම පෙරළියක් තමයි මේ ජනවාරි මාසේ 8
වැනිදාත් වුණේ. එකේදී කාටවත් නවත්වන්න බැහැ... ඉන්න පාලකයා විසිවෙන යෝගයක්
තිබුණේ.
තමන් 1994 වසරේ සිට දේශපාලන ක්ෂේත්රයේ පෙරලි කිහිපයක් පිළිබඳ පළකළ
අනාවැකි ඒ අයුරින්ම සිදුවු බවද නාත්තණ්ඩියේ පී.ඞී පෙරේරා මහතා පෙන්වා
දුන්නා. 1994 වසරේ බලය අත්කර ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ
ආණ්ඩු බලය වසර දහනමයාහාමාරකින් අවසන් වන බව තමන් පෙන්වා දුන් බවයි ඔහු
වැඩිදුරටත් කියා සිටියේ.
1994 මැතිවරණය ගැන විශේෂයෙන්ම කියන්න
ඕනි... ඒ වෙලාවේ මං විශේෂයෙන්ම කියලා තිබුණා... මේ ඉදිරි කාලයේ... අවුරුදු
19 හමාරකදී මේ එන ආණ්ඩුවත් යයි කියලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඒ
වෙලාවේ බලයට එන එක ගැන පැහැදිළිව මං කතා කරලා තිබුණා. අවසානයේදී වුණේ ඒ
ආණ්ඩුවට අදින්න බැරිව ගියා. ඒකෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බලයට ආවා.
1999 ගැනත් මං ඔය කතාව කිව්වා. 2001දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති
වෙනවා කියලත් මං කිව්වා. ඊට පස්සේ මම 2005 ඉදන් මහින්ද රාජපක්ෂ මහතාට බොහෝම
හිතවත්ව වැඩ කළා. 2005දී මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දයත් දීලා ඒකම දිනනවා
කියලා කිව්වා. 2010 ඡුන්දය ගැන මං බොහෝම පැහැදිළිව කිව්වා ෆොන්සේකා මහතාට
මූණටම මම කිව්වා... ඔබතුමාට මේක දිනන්න බැහැ... ඔබතුමාට හිරේ යන්නත් වෙනවා
කියලා... ඒතුමා ඒකට එච්චර හොඳ ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ. ඉතින් 2010ත්
පැහැදිළිව ජයග්‍රහණය කලා.