Tuesday, January 20, 2015

වායෝ සංගීත කණ්ඩායම දෙකට බෙදෙයි | සංගීත් - ෂේන් තරහා වෙලාද ? - හඬපටය සහිතයි


සනිධප සංගීත කණ්ඩායමෙන් සංගීත් විජේසූරිය ඉවත්වෙනකොට එක එක්කෙනා කතා ගොඩක් කීවා. කණ්ඩායමේ තිබුණු ප්‍රශ්න නිසා ඉවත් වුනා කීවා, සනිධප එකෙන් සංගීත් ඉවත් වුනේ ෂේන් සින් නිසා කියලත් සමහරු කීවා. ඒ කතා මොනවා වුනත් සංගීත්ට ඕනි වුනා වගේම ඔහු ෂේන් සින් එක්ක ආරම්භ කරපු වායෝ සංගීත කණ්ඩායම සංගීත ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් පෙරළියක් ඇති කලා.

අපිට ආරංචි වුනු විදියට වායෝ සංගීත කණ්ඩායම දෙකට බෙදෙනවාලු ! ෂේන් අලුත් සංගීත කණ්ඩායමක් ආරම්භ කරනවා ලු ! ප්‍රශ්ණ ගොඩයි !


වායෝ සංගීත කණ්ඩායමේ කට්ටියකුත් සම්බන්ධ කරගෙන ෂේන්ගේ නායකත්වයෙන් අලුත් සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න යනවා වගේම ෂේන් සිං පටන් ගන්න යන අලුත් සංගීත කණ්ඩායමේ නම LINE ONE කියලත් අපිට අන්තිමේදී දැනගන්නට ලැබුනා.

ඇත්තටම වායෝ සංගීත කණ්ඩායමට මොකද වුනේ, සංගීත් ආයෙත් සනිදප එක්ක එකතුවෙයිද කියන දේවල් ගැන අපි ෂේන් සිංගෙන් අහලා බැලුවා.

ඔහු අපිට දැක්වූ අදහස් පහතින්...