Friday, December 26, 2014

Google වල Sex කප් එක ලංකාවට - Search කල නගර මෙතැනින්

Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, Year in Search ලෙස එම වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරනවා.
ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම කතාබහට ලක්වූ නැතිනම් Google මඟින් Search කරපු මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කළා.
කොහොම උනත් මේ ලැයිස්තුව සකස් කරලා තියෙන්නේ Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් Search  කරන ලද දත්ත භාවිතා කරලා. ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා. මේ හැමදේමත් එක්කම හැබැයි මේ ලිස්ට් එකේ ලංකාව ප්‍රථම ස්ථානය ගන්න තැන ගැනනම් දකින්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක්නම් නෙවෙයි. මොකද ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත්  Sex ලෙස Search කළ රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාව නිසා.
Google වල Sex කප් එක ලංකාවට - Search කල නගර මෙතැනින්
Sex කියලා වැඩියෙන්ම Search කරලා තියෙන List එක මෙතනින්. (ඔබට අවශ්‍ය ඕනෑම Keyword එකක් වැඩියෙන්ම Search කරලා තියෙන්නේ මොන රටින්ද, නගරයෙන්ද ආදී සම්පූර්ණ විස්තරයක්ද දැන ගැනීමට හැකිය)
http://www.google.com/trends/explore#q=sex&geo=LK
ඒ වගේම ලංකාව ඇතුලෙත් බස්නාහිර, මධ්‍යම හා දකුණු පළාත් වල අය තමයි වැඩි වශයෙන් Sex කියලා වැඩියෙන්ම Search කරලා තියෙන්නේ.
ඒ අතරින් බස්නාහිර පළාතේ හෝමාගම නගරයත්, මධ්‍යම පළාතේ මහනුවර නගරයත් දකුණු පළාතේ ගාල්ල නගරයත් මුල් තැනක් ගන්නවා