දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ගිනි අවි සහ ගිනි කෙළි ටෙලිනාට්‍ය නැවත දැනුම්දෙනතුරු නවතා දමා ඇතැයි වාර්තා වේ.
මේ ටෙලිනාට්‍ය මෙසේ නවතා දැමීමට හේතුවී ඇත්තේ මෙහි එජාප පාර්ලිමේන්තු
මන්ත්‍රී රංජන් රාමනායක උපාලි නම් මැරයෙකුගේ චරිතයක් මවන කොටස මේ දිනවල
විකාශය වන බැවින් බව පැවසේ.රන්ජන් අදාළ චරිතය හරහා ජනප්‍රියත්වයක් ලබා ගැනීම ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට වාසි වනු ඇති බවට වන සැකය හේතුවෙන් එය නවතා දමා ඇති බව එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙය ජනපතිවරණයෙන් පසුව ජනවාරි 08 වැනිදා සිට නැවත විකාශය කිරීමට නියමිත බව පැවසේ.
මේ ටෙලියේ පිටපත ලක්බිම දිනපතා පුවත්පතේ කර්තෘ අනුර හෙරේෂස් විසින් ලියා තිබේ.
සාරංග මෙන්ඩිස් මෙහි අධ්‍යක්ෂවරයාය. “ගිනිඅවි හා ගිනිකෙළි” සතියේ දවස් පහේම රාත්‍රී 9.30ට දෙරණ නාලිකාව ඔස්සේ විකාශයවේ.
එය කොටස් 200කටත් වඩා වැඩි ප්‍රමාණයක් විකාශයවීමට නියමිත ටෙලියක් වන අතර අවසන් වරට එහි විකාශවූයේ 174 වැනි කොටසය.
ඉකත් සිකුරාදා විකාශය වූ එම ටෙලියේ අවසන් කොටසේ වීඩියෝව පහත දැක්වේ.