Tuesday, December 23, 2014

රූ රැජිණියන්ගේ බිකිණිත් ඉවත් කරයි


රූප රාජිනියන්ගේ තරග අතර ඉදිරියෙන්ම ඇති ලෝක රූරැජින තරගයෙන් බිකිනි වටය ඉවත්කිරීමට එම තරගාවලියේ සභාපතිනිය වන ජුලියා මෝර්ලි තීරණය කර ඇත.ඒ අනුව නිමාව දුටු 2014 ඵසිි උදරකා තරගාවලිය එම තරග වටය පැවැත්වූ අවසන් වසර ලෙස ඉතිහාසගතවනු ඇත.
මෙම තීරණය පිළිබද මාධ්‍යයට අදහස් දක්වමින් ජුලියා පවසා තිබුණේර්‍ණමම කැමති නෑ ගැහැනු බිකිනි ඇදගෙන
එහාමෙහා ඇවිදිනවා දකින්න. අනික සුරූපිනියන්ගේ පසුපස ප්‍රදේශයේ විශාලත්වය හෝ එහි ප්‍රමාණය මැනීම අපට අවශ්‍ය නැහැර්‍ණයනුවෙනි.

1951 වර්ෂයේ මෙම තරගාවලියට බිකිනි වටයක් එකතු වුණේ ජුලියාගේ  හිටපු සැමියා වූ එරික්ගේ යෝජනාවක් අනුවය.

කොහොම නමුත් මෑතකාලීනව මෙම බිකිනි වටයට බොහෝ රටවලින් අප්‍රසාදය පළ වූ අතර, ඒ හෙයින් මෙම වටයන් මාධ්‍යයට විවෘත නොවන ලෙස පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.