අද උදෑසන සිදුවූ ගුවන් යානා අනතුර ඇසින් දුටු කිහිප දෙනෙකුම අපත් සමග තම මතකය මෙසේ අවදි කළා.
"මම ගෙදරින් එළියට බැස්සා විතරයි. මට ඇහුනා ගුවන් යානයක් එනවා. ඒත් එක්කම "ඩෝං" ගාලා පිපුරුම් ශබ්ධයක් ඇහුන. මට ඉබේම උඩ බැලුන. එතකොටයි දැක්කෙ මහා දුමකුත් එක්ක යානය කඩාගෙන වැටෙනව. අපි කෑගහගෙන එතනට දුවගෙන ගියා. පොඩි වෙලාවකින් එතනට සැහෙන්න සෙනග පිරුනා. ඒ වෙලාවෙත් ආයෙත් විශාල ගින්නක් සමග නැවතත් ශබ්දයක් ඇසුනා."
මේ තවත් අයෙක්.
"මම නම් ගෙදර නිදාගෙන හිටියේ. දුව තමයි කිවේ ප්ලේන් එකක් ගිනි ගන්නවා කියලා. මම ඉක්මනින්ම එතැනට ගිහින් බලනකොට ගිනි ගන්නවා. කට්ටිය වටවෙලා කැ ගහනවා. මිනිස්සු වතුර ගෙනල්ල නිවාගන්න උත්සහ කළා. නමුත් නිවාගන්න බැරි උනා. ඊට පස්සේ කඩයක තිබු ගිනි නිවන උපකරණයක් ගෙනල්ල ඇල්ලුවා. එසේ කරන ගමන් තමයි බොඩි ටික ගත්තේ. පස් දෙනෙක් සිටිය ඒ සියලු දෙනාම එළියට ගත්තා. එතනින් එක් අයෙක් කතා කළා. බේරගන්න කියලා කෑගැහුවා. කඩා වැටීමටත් පෙර කෑ ගහ ගහ තමයි ඇවිත් තිබෙන්නේ."