Saturday, December 27, 2014

ආයුර්වේද සම්බාහනය මුවාවෙන් ගණිකා සේවයත් සපයා වැඩ වරද්දාගනී


සම්බාහන මධ්‍යස්ථාන ලෙසින් පවත්වාගෙන යන ගණිකා නිවාස කීපයක්ම පසුගිය කාලය පුරා වැටලීමට පොලිසිය කටයුතු කරනු ලැබුවා. ඒ අයුරින්ම ආර්යුවේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පසුගියදා වැටලීමට පොලිසිය සමත්වුනා.


එය පිහිටා තිබුණේ වැලිකඩ නාවල ප්‍රදේශයේයි. මෙම වැටලීමේදී එහි සේවය කල තරුණියන් 7ක් හා එහි කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණියන් අවුරුදු 24-37 යන වයස්වල පසුවන අතර ඔවුන් අනුරාධපුර, ගාල්ල, පන්නල යන ප‍‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් උපාය දූතයින් යොදවා මේ පිළිබඳ තොරතුරු සනාථකරගෙන ඇති අතර නිළධාරීන් 10 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මෙම ගණිකා නිවාසය වටලා එහි සිටි පිරිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.