Saturday, December 27, 2014

ගැහැනු දෙන්නෙක් අතර යාළුකමක් තියෙන්න බැරිද |ගයාත්‍රි

මාධ්‍යයක් තුළ ප්‍රකාශයට පත් වෙන විවිධ කටකතා ගැන ඔබ මොකද හිතන්නේ?
මෙහෙමයි කතා කාටත් හැදෙනවා. නමුත් ඒවා ගැන හිත හිත අපිට වැඩ කරන්න බැහැ. අපි හරි කියලා අපි දන්නවා නම් වැඩක් නැති කටකතා ගැන හිත හිත කාලය නාස්ති කිරීම අපරාදයක් කියලා මම හිතනවා.අනික මාධ්‍ය තුළින් කටකතා ඒ කියන්නේ ගොසිප් පළ වුණා කියලා ජනප්‍රිය වෙනවා කියලා හිතන පිරිසක් ඉන්නවා නම් ඒක මෝඩකමක්. මොකද මට නම් කිසිම විටෙක ගොසිප් පළ කර ගැනිමෙන් ජනප්‍රිය වීමට වුවමනාවක් නැහැ. ජනප්‍රියත්වය ලැබිය යුතු දෙයක් මිස බලෙන් ලබාගත යුතු දෙයක් කියලා මම හිතන්නේ නැහැ.ජනප්‍රිය වෙන්න නිවුස් දාන්න අයත් ඇති. නමුත් මතක තියාගන්න ඕන අපි කරන හැමදෙයක්ම අපි වටා ඉන්න අයට බලපානවා කියලා. මම කරන දේවල් මගේ ආදරණීය දරුවන්ට වගේම සැමියටත් බලපානවා. ඒක නිසා ජනප්‍රිය වෙන්න නිවුස් දාන්න ඕනෙ නැහැ. තමන් දක්ෂයෙක් නම් නිකම්ම ජනප්‍රියත්වයක් ලැබෙයි.
මොකක්ද මේ මිතුරුදමක් පිළිබඳ පැතිර යන අමුතු කටකතාව?
මං හිතන්නේ ඔයා ඔය අහන්නේ මගෙයි නයනගෙයි මිත්‍රත්වය පිළිබඳ. මෙහෙමයි අපි දෙන්න හොඳ යාළුවෝ සෑහෙන කාලයක් ඉඳන්. නමුත් බොහෝ දෙනෙක් හිතනවා ගැහැනු දෙන්නෙක්ට මිතුරුකමක් පවත්වන්න බැහැ. හොඳ නැහැ කියලා. අන්න ඒක නිසා තමයි අපි දෙන්නව තරහා කරන්නත් විවිධ කතා පතුරුවන්නේ. කිසිම වැදගැම්මකට නැති අය කියන ඔය වගේ කතා නිසා අපි තරහා වෙන්නෙත් නැහැ. අපේ මිතුරුකම නැති වෙන්නෙත් නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නයක් ගැහැනු දෙන්නෙක් මේ තරම් හොඳට සෑහෙන කාලයක් මිත්‍රත්වයක් තබා ගෙන සිටීම. මොකද මතය තියෙන්නේ ගැහැනු දෙන්නෙක්ට මිත්‍රත්වයක් සෑහෙන කල් තියාගන්න බැහැ කියලනේ. නමුත් අපි හැමදාම දුක සැප බෙදා ගන්න හොඳ යාළුවෝ.
Gayathri Nayana AM Gossip 01 Gayathri Nayana AM Gossip 02 Gayathri Nayana AM Gossip 03Gayathri Nayana AM Gossip 09 Gayathri Nayana AM Gossip 08 Gayathri Nayana AM Gossip 07 Gayathri Nayana AM Gossip 06 Gayathri Nayana AM Gossip 05

- චාපා -