සිය
වැඩිමහල් දියණිය වස පානය කිරීම නිසා කලකිරීමට පත් වූ ඇල්පිටිය තල්ගස්‌වල
ප්‍රදේශයේ 36 හැවිරිදි මවක වන වීරසිංහ ප්‍රියන්ති සහ නානායක්‌කාරවසම්ගේ
ගිත්මි නමැති ඇගේ දස හැවිරිදි බාල දියණිය ද පසුගිය 15 වැනිදා සවස ළිඳට පැන
සිය දිවි හානි කරගෙන තිබේ.
පිටිගල වත්තෙහේන මහා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පංතියේ අධ්‍යාපනය
ලබමින් සිටි දහසය හැවිරිදි දියණිය ෆේස්‌බුක් සමාජ වෙබ් අඩවිය ඔස්‌සේ
තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.
කාලයක් පැවැති ප්‍රේම සම්බන්ධතාව පෙම්වතා විසින් නතරකර දැමීම හේතුවෙන්
කලකිරීමට පත් ඇය මව නිවසේ නොමැති අවස්ථාවේ වස පානයකොට තිබේ. අසාධ්‍ය
තත්ත්වයෙන් පසුවන ඇය මේ වනවිට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
එදින සවස නිවසට පැමිණීමෙන් පසු මේබව දැනගත් ඇගේ මව දැඩි කම්පනයට පත්ව
තිබේ. දැඩි සිත් වේදනාවෙන් පසුවූ ඇය බාල දියණිය ද සමඟ නිවස පිටුපස ඇති ළිඳට
පැන ඇත්තේ ඉන් පසුවය.