ලොව සුප්‍රකට නිළියක් සහ ගායිකාවක වන පැරිස් හිල්ටන් සහ සල්මන්
ඛාන් අතර සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ
දිනවල ඉන්දියාවේ සිටින පැරිස් හිල්ටන් පසුගිය දිනෙක සල්මන් ඛාන් සමග සාදයකට
සහභාගි වී තිබෙනවා. මීට අමතරව සල්මන් ඛාන් පැළඳ සිටින අත්පළඳනාව ද පැරිස්
හිල්ටන් පැළඳ ආකාරයෙන් ඡායාරූපයක් බොලිවුඩයේ ප්‍රචලිත වෙමින් තිබෙන බවයි
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. නමුත් එය සල්මන් ඛාන්ගේ පෙම්වතිය විසින් ඔහුට
ලබාදුන් අත්පළඳනාව ද, නැතිනම් එම අත්පළඳනාවට සමාන තවත් අත්පළඳනාවක් ද යන්න
පිළිබදව තවමත් තොරතුරු වාර්තා වී නොමැති බවයි එරටින් ලැබෙන වාර්තා වල
දැක්වෙන්නේ.