Monday, December 29, 2014

ජනාධිපතිවරණ උණුසුම මැද සල්මන්, ජැකලින් ලංකාවට


බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සල්මන් ඛාන් සහ ජනප්‍රිය නිළි ජැකලින් ෆර්නැන්ඩස් අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව  කටුනායක අප වාර්තාකරු පැවසුවේය. තවද ඔවුන් සමඟ තවත් බොලිවුඩ් තරු 6ක් ද පැමිණ තිබේ.


සිනමා සම්මාන උළෙල, විවිධ ප‍්‍රසංග සහ චිත‍්‍රපට රූගත කිරීම් සදහා සල්මන් ඛාන් මීට පෙරද ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන අතර ජැක්ලින් ෆර්නෑන්ඩස් වරක් මිස් ශී‍්‍ර ලංකා කිරුළ දිනාගන්නට සමත් විය.

කෙසේ වෙතත්  මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වීම සඳහා සල්මන් ඛාන් පැමිණෙන බව පසු ගිය දිනවල බොහෝ වෙබ් අඩවි වල පළ වී ද තිබුණි.