එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය
වෙනුවෙන් කැපවන බව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක රංජිත් කහගල්ල
මහතා පවසයි. ඔහු මේ අදහස් පල කලේ එජාපය අතහැර සන්ධානය හා එක්වෙමිනි.එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ ගැන තමාට පැහැදීමක් නැති බවද ඔහු කියා සිටියේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් උතුරු මැද පළාතෙන් වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයා වන්නේද රංජිත් කහගල්ල මහතායි.















































