ඔබගේ සහකරු සහකාරිය සමග පවතින බැදීම වැඩිවන දවසක්. සමාජ සේවා කටයුතු
වෙනුවෙන් උනන්දුවක් දක්වයි. ඇසුරු කරන අය අතරින් හොද පිළිගැනීමක් ලැබෙයි.
ප‍්‍රමාද වන විවාහ යෝජනා ස්ථීර වන දවසක්. වාද විවාද ප‍්‍රිය කරන දවසක්.
වෘෂභ ලග්නය
කලක් තරහ වී සිටි අයෙක් ඔබ සමග චිතුරු වන දවසක්. ලෙඩ රෝග වලින් ආරක්ෂා
වීමට පියවර ගනී. ජයග‍්‍රාහී දවසක්. තරගකාරී කටයුතු වලින් විශිෂ්ට ප‍්‍රතිඵල
ලැබෙයි.
මිථුන ලග්නය
අධ්‍යාපනය ලබන අයට සංකීර්ණ විශය කරුණු පසු කිරීමට සිදුවෙයි. දරුවන්ගේ ඔනෑ
එපාකම් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. කලාත්මක කටයුතු වලින් යහපත් ප‍්‍රතිඵල
ලැබෙයි. නව සෞන්දර්්‍යාත්මක සිතුවිලි ඇතිවන දවසක්.
කටක ලග්නය
තෑගි බෝග ලැබෙන දවසක්. අළුත් වාහන මිලදී ගැනීමට යොමුවෙයි. නිවාස වාහන නඩත්තු කිරීමට මුදල් වැය වෙයි. ඥාතීන් සමග කරන ගණුදෙනු වලදී කල්පනාකාරී වන්න නැතිනම් ඔවුන් සමග අමනාපවීම් ඇති වන්නට පුළුවන්.
සිංහ ලග්නය
නෑදෑයෙකුගේ හෝ හිතවතෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් මහන්සි වීමට සිදුවෙයි. අනාගත අභියෝග ජය ගැනීමට අවශ්‍ය සැලසුම් සකසයි. ඔබේ හැකියාවන් පිළිබද බොහෝ දෙනෙකුට දැනගැනීමට හැකිවන දවසක්.
කන්‍යා ලග්නය
බැංකු ඇතුළු මූල්‍යමය කටයුතු වලදී ප‍්‍රවේශම් වන්න. රැකියා ස්ථානයේ වැඩකටයුතු තරමක් වැඩි දවසක්. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවෙයි. ධනය ලැබීම් ප‍්‍රමාද වුවත් වියදම ඉහල යයි.
තුලා ලග්නය
හදවතට එකගවම තීරණ ගන්න දවසක්. ඕනෑම කෙනෙකුට උපකාර කිරීමට ඉදිරිපත් වෙයි. අලංකාර දෑ මිලදී ගැනීමට රූපලාවන්‍ය කටයුතු වල නිරත වීමට මුදල් වැය කරයි. සුළු හේතුවක් නිසා සිත් රිදීමක් ඇතිවන්නට පුළුවන්.
වෘශ්චික ලග්නය
මුදල් පරිහරණය කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු දවසක්. වියදම පාලනය කර ගැනීමට උනන්දුවන්න. මුලාවීම් වලින් වංචා වලින් බේරීමට නුවණ මෙහෙයවා කටයුතු කරන්න. වචන භාවිතයේදී සැලකිලිමත් වන්න.
ධනු ලග්නය
නෑදෑ හිතවතුන් සමග පවතින හොදහිත වර්ධනය වන දවසක්. වෙළදාම් වලින් දේපල වලින් හොද ආදායමක් ලැබෙයි. සුවපහසුව වැඩිදියුණු කරගැනීමට මුදල් වැය කරයි. අළුත් හිතමිතුරන් හදුනා ගැනීමට හැකිවෙයි.
මකර ලග්නය
රැකියා ලාභ රැකියා උසස්වීම් ලැබෙන වාසනාවන්ත දවසක්. අළුත් වැඩකටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙයි. වැදගත් පුද්ගලයන් හමුවීමට ඔවුන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකිවෙයි. දෙමව්පියන්ට උදව් කරයි.
කුම්භ ලග්නය
ඔබේ වැඩකටයුතු පිළිබදව රැුකියා ස්ථානයේ ඉහල නිලධාරීන්ගේ අවධානය යොමුවෙයි. පැරණි සේට ආසා කරයි. ඒවා පිළිබද සොයා බලන්න කතාබහ කරන්න උනන්දුවෙයි. දුරබැහැර අය සමග සබදතා අළුත් වෙයි.
මීන ලග්නය
බලාපොරෙත්තු නොවූ ආකාරයේ මුදල් වැයවීම් ඇතිවන්නට පුළුවන්. ඒ පිළිබද කනස්සල්ලක් දැනෙයි. සිතට අවිවේකී අසහනකාරී දවසක් එදිනෙදා වැඩකටයුතු තරමක් ප‍්‍රමාද වන්නට පුළුවන්. තුනටිය ආශි‍්‍රතව හෝ සංදිගතව වේදනාවන් ඇතිවන්නට පුළුවන්.
සම්පාදනය
පාරම්පරික ජ්‍යෝතීර්වේදී,
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)
ඇල්පිටියේ ඉන්දික බෙන්තරවිතානගේ
BSc (Sp)Hons, SUSL/Mphil. (read)











