Saturday, November 8, 2014

ඕව්, මට Night Life එකක් තිබුණා තමයි ඒකෙ ඇති වැරැද්දක් නෑ - නෙතු


http://www.rivira.lk/online/images/2014/11/09/nethu%20priyangika%205.jpg
මම
සම්පූර්ණ නම - යද්දෙහිගේ නෙතු ප්‍රියංගිකා
වෙනත් නම් - බට්ටී

වයස (කැමැති නම්) - ඒක ඕන නෑ
උස/බර - අඩි 5’ 3 බර කි.ග්‍රෑ. 54
ලග්නය - තුලා

කලාව
රූප සුන්දරියක් නොවුණා නම් නෙතූ අද තරුවක් ‍නෙවෙයි නේද? - වෙන ක්‍ෂේත්‍රයක් තෝරා ගත්තත් මම තරුවක් තමයි
රූපය වෙනුවෙන් කරන මාසික වියදම කීයද? - කිව්වට විශ්වාස කරන්න Face Wash වලට විතරයි
වියදම් කරන්නේ.
කලාව තුළ ඔබේ පැවැත්ම වෙනුවෙන් කළ කැපකිරීම් තුනක්? -
* නීතිඥවරියක් වීම
* පවු‍ලේ සමීපතාව
* කලාව නිසා දේවල් ගොඩක් ලබා ගත්තා මිස
නැතිවුණේ නැහැ
ඔබට වඩා ලස්සන සමකාලීන නිළියන් තුන් දෙනෙක්? - උදාරි වර්ණකුලසූරිය විතරයි මතක් වෙන්නේ
රංගන ශිල්පියකුට බිරිඳක් වුණොත් ඒ කවුරු වෙයිද? - (ෂාරුක් ඛාන්) රංගන
ශිල්පියකුට කැමැති නැහැ.

දවස
ඔබ දවස පටන් ගන්නේ කීයටද? - වෘත්තියත් එක්ක වෙනස් වෙනවා. 6 ට විතර දවස පටන් ගන්න කැමැතියි.
රසටම උයන්න පුළුවන් කෑම වර්ගය මොකක්ද? - (‍පොළොස්/ මාළු ඇඹුල්තියල්) සිංහල කෑම ජාති, එළවළු වර්ග ගොඩක් රසට හදන්න පුළුවන්.
නෙතූ පිරිමැස්ම දන්න ගෘහණියක් වේවිද? - ඔව්. මගේ ජීවිතේ මම තැනක ඉන්නවා නම්
එතෙන්ට ආවේ පිරිමැස්ම නිසා
නෙතූට ව්ඪඨඩබ ඹ්ඪටඥ එකක් තියෙනවද? - තිබුණා, දැන් නැහැ. ඒක වැරදි දෙයක් නමෛයි. කාලයකදී හැම දෙයක්ම සීමාවන් යටතේ විඳින්න ඕනේ. (යාළුවන්ගේ පාටීස්) වයසත් එක්ක සීමා වෙනවා.
හෙට රඟපෑම නවත්වන්න වුණොත්? - එක්කෙනෙක්ගෙ ඉල්ලීම මත පමණයි නවත්වන්නේ. ඒත් එහෙම වෙන්නේ නැහැ. කවදාවත් නවතන්නේ නැහැ.

ආදරය
ආදරය දැනෙන්න පටන් ගත්තේ වයස කීයෙදිද? - අවුරුදු 18-19 දී
ප්‍රේමය ප්‍රකාශ කළ යුතුතේ ගැහැනියද, පිරිමියාද? - ඒක දැනුණ කෙනා
ඔබේ පෙම්වතා ඔබ ප්‍රාර්ථනා කළ කෙනාමද? - හිතේ ඉන්න කෙනාම ලැබුණ කෙනෙක් නැතිව ඇති.
පෙම්වතාගේ වෙනත් සම්බන්ධයක් ඔබේ අතටම අහුවුණොත්? - දරාගන්න බැරි දුකක් කෝපයක්, කලකිරීමක් වෙයි
ඔබට පෙම් කරන කෙනා විවාහකයෙක් වුණොත්? - තව ගැහැනියකට දුකක් දෙන්නේ නැහැ මම.


විවාහය
ගැහැනු ළමයෙක් විවාහ විය යුතු වයස කීයද? - වයස ගැන තැකීමක් නැහැ. සුදුසු කෙනා ලැබුණු වයසේදී විවාහ විය යුතුයි.
විවාහය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කරනවාද? - ලක්ෂ හතරකට වඩා අඩුවෙන්
විවාහයත් සමග නිළියන්ගේ ආකර්ෂණය අඩුවන බව ඇත්තද?- නෑ... ජොබ් එක හරියට කරනවා නම් විවාහය බාධාවක් ‍නෙවෙයි.
හිත ගිය තැන මාලිගාව හදන්න ඕනෑම දෙයක් අත්හරිනවද? - අනිවාර්යයෙන්ම. හිතගිය කෙනා ඇරෙන්න වෙන කව්ද
ඔයාගේ අනාගත දරු පවු‍ලේ සාමාජිකයන් ගණන කීයද? - පුතාලා දෙන්නෙක් සහ දුවක්.
කුමරිනී ප්‍රතාපසිංහ
ඡායාරූපය- චමිල කරුණාරත්න
http://www.rivira.lk/online/images/2014/11/09/nethu%20priyangika%202.jpg
http://www.rivira.lk/online/images/2014/11/09/nethu%20priyangika%203.jpg
http://www.rivira.lk/online/images/2014/11/09/nethu%20priyangika%204.jpg
http://www.rivira.lk/online/images/2014/11/09/nethu%20priyangika%205.jpg