Monday, November 3, 2014

හිරේ දැම්මත් නොනවතින ඉන්දියාවේ Kiss විරෝධය

ප‍්‍රසිද්ධියේ සිප වැළඳ ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට උත්සහ කළ පිරිසක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා අනාවරණ කළේ කොචින් හි කෝචී වෙරළ තීරයේදී මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කර තිබූ බවයි.
 
කෝචි ප‍්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හල් සියල්ල ඉකුත්දා හදිසි පරීක්ෂාවකට ලක් කෙරුණා. ඊට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කර තිබෙනවා. ඊට සම්බන්ධ වූ පුද්ගලයින් පනස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
 
ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා පූර්ව ප‍්‍රචාරයක් ලබාදෙමින් මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා පිරිස් එක්රැුස් කරගෙන ඇති බවයි ඉන්දීය වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ. 45016993 45016996 B1b9-pBCEAAxnTm B1bxsFwCQAA9Jzu B1cITdCIYAAuVKc B1ciURqCcAAsLCK B1dEOzWCAAIv8fl B1fH7c6CYAADF2A B1fOZcqIgAAzCbY B1fvYIVCQAE51_r B1fZPouCMAAy_9x B1GqP8hCMAEc05O