විනූ උදානි සිරිවර්ධන ජනප‍්‍රිය වුණේ.. ‘තරුමලී’ ටෙලි නාට්‍යයේ ‘තරුමලී’ ගෙ චරිතය හරහායි. ඉදිරියෙදි විනූ රඟපාපු ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශනය වෙන්නත් තියෙනවා. විනූ මේ දවස්වල ඉන්දියානු අධක්‍ෂවරයෙකුගේ චිත‍්‍රපටයක රඟපෑමට සූදානමිනුයි ඉන්නෙ...
‘‘මෙහෙමයි... මම මේ වගේ කියලා මමම කියාගන්න එක හරි මදිනෙ. ඒත් ගොඩක් අය කියන්නෙ මම අහිංසකයි කියලයි... මට තරහා යනවා අඩුයි.. මම නරකයි කියලා කියන, වැරදියි කියලා හිතෙන දේවල් කරන්නෙ නෑ..
‘‘ම්... ඔව්, මමත් එහෙම හිතනවා.’’
‘‘ නෑ... කොහෙත්ම නෑ.. පාසල් කාලෙ ගැන මතක් කරද්දි මගේ හිතට සතුට දනෙන දේවල්මයි තියෙන්නෙ.. මගේ ජීවිතේ සුන්දරම කාලෙ තමයි පාසල් කාලෙ..’’
‘‘මම පාසලේ ශිෂ්‍ය නායිකාව වෙලා හිටියනෙ. ඒ නිසා අපි තමයි ඒ වගේ දේවල් ගැන හොයලා බැලූවෙ. ඒ වගේ දේවල් ගැන ආරංචි වුණාම.. මම ඒ අයට අවවාදත් කරලා තියෙනවා පාසල් කාලෙ ඒ විදිහෙ සම්බන්ධකම් ඇති කරගන්න එපා කියලත්.
‘‘ඇත්තමයි කියන්නෙ පාසල් කාලෙදි මගේ ඒ විදිහෙ කිසිම සම්බන්ධයක් තිබුනෙ නෑ.’’
‘‘ටියුෂන් ක්ලාස් යද්දිනම් තේරුණා... ඒ වගෙ අය හිටියා කියලා. ඒත් මම මගේ තීරණය වෙනස් කරන්නෙම නැතුව හිටියා...’’
‘‘ඒ වයසෙදි පේ‍්‍රම සම්බන්ධතා ඇති කරගන්නෙ නෑ කියලා.’’

‘‘ඒ කාලෙ මම හරිම නිහඬ කෙනෙක්. පිිරිමි ළමයි එක්ක කතාවට යන්නෙත් නැති තරම්. මා ගැන අදහසක් හිතේ තිබුනත් මගෙන් නෙවෙයි අහන්නෙ, මගේ යාළුවන් ගෙන්නෙ. ඒ නිසා යාළුවො මම ගැන එයාලට කියනවා. එතකොට එයාල ඒ අදහස් අත් ඇර ගන්න ඇති. ඒ වගේ අවස්ථාවලදී මගේ නිහඬකම මට වාසියක් වුණා..’’
‘‘පාසල් කාලෙන් පස්සෙ රඟපෑමට සම්බන්ධවුණාට පස්සෙ අපේ ගෙදර අයටත් රහසක් නොවෙන විදිහෙ සම්බන්ධකමක් ඇති වුණා. ඒත් ඒකත් මාස කිහිපයකින්ම නතර වුණා.’’
‘‘නෑ..මගේ.. හිතේ ඒ තරම් තදින්ම ආදරයක් හිතුණ කෙනෙක් තාමත් මට හම්බවෙලා නෑ..’’
‘‘මගේ හිත ගොඩක් සංවේදියි කියලයි මට හිතෙන්නෙ.... දුකක් දැනුනම ඒ දුක විඳදරාගන්නත් මට පුළුවන්....’’
‘‘.. ජොබ් එකකට කියලානම් රඟපෑම කරන්නෙ නෑ. ඒත් ඒක හොබි එකක් කියලා සැහැල්ලූවෙන් හිතන්නෙත් නෑ.. කවදත් මම කරන දේ වගකීමක් ඇතිවයි කෙරුවෙ..’’
‘‘ඔව්.. තියනවා.’’
‘‘ඇහුවට කමක් නෑ.. ඒක අපේ ගෙදරින් ලැබුණ ප‍්‍රසන්ට් එකක්.’’
‘‘මගේ හිත නපුරු නෑ... මම පලිගන්න හදන්නෙ නෑ..’’
‘‘නෑ... ඒක බොරු කට කතාවක් විතරයි. එහෙම දෙයක් සිද්ධවුණේ නෑ..’’
‘‘මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා.. මගේ හිතට හරියන කෙනාව හම්බවුන දවසට විවාහය සිද්ධවෙයි.’’
‘‘මම හිතනවා මට හොඳ කෙනා අපේ ගෙදර අයගෙ මැදිහත් වීමෙන්ම හොයලා දෙයි කියලා..’’
‘‘ඇත්තමයි තාම පෙම්වතෙක් නෑ..’’















































