Saturday, November 8, 2014

රට යනවනම් හැදුනුම්පත තියලා යන්න

මාස 06 කට වැඩි කාලයක් විදේස් ගතවනවානම් සිය ජාතික හැදුනුම්පත භාරදී විදෙස් ගත විය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් ජී ඒ ආර් දේවප‍්‍රිය මහතා පවසා තිබේ.
නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසන ආකාරයට මාස 6 කට වඩා කාලයකට විදෙස් ගතවන්නේ නම් තම ජාතික හැදුනුම්පත  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට, පොලිසියට හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවට එය භාරදිය යුතුය.
කෙසේ වෙතත් මෙය ප්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමේ ගැටලු මත මෙම නීතීය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක නොමැති බවත් පවසන හෙතෙම හඳුන්වාදීමට නියමිත විද්‍යුත් ජාතික හැඳුනුම්පත මෙලෙස මාස 06කට වැඩි කාලයක් විදේශයට ගෙනගියහොත් අක්‍රීය වන බවත් පවසා ඇත.