Tuesday, November 11, 2014

මාතලේ සරසවි සිසුවියගේ ඝාතන සැකකරුගේ පාපොච්චාරණය මෙන්න

මාස හයකට ආසන්න කාලයක් අභිරහසක්ව පැවැති මාත‍ලේ වරාපිටියේ විසි හතර හැවිරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වූ ලලනි නදීශා මෙනවිය ඝාතනය කර දූෂණය කළ අයුරු, එම ඝාතනයට අත්අඩංගුවට ගත් ඩෙන්සිල් ජයවර්ධන නම් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් ඉදිරියේ පා‍පොච්චාරණය කොට තිබෙනවා.
 
ඒ මෙසේය. 
 
"මම කාමරේට එබිකම් කළේ ගෙනියන්න පුළුවන් දෙයක් තියෙනවද කියල බලන්නයි. මුළු කාමරේම අඳුරුයි. ඇඳට විතරක් හඳ එළිය වැටිල තිබුණා. ඒ එළිය වැටිල තිබ්බේ වහ‍ලේ වීදුරු උළු කැටෙන්.  ඇඳේ  නිදාගෙන හිටියා ගෑනු ළමයෙක්. එයාගේ ඇඳුම් එහා මෙහා වෙලා තිබුණා. එයා ගැන මට ආසාවක් ඇතිවුණා. මම ඇය ළඟට ගිහින් අතේ තිබුණ මිටියෙන් ඔළුවට පහරක් ගැහුවා. පස්සේ එයාව උස්සගෙන එළියට ගෙනාවා."
 
කෙසේ වෙතත් ලලනි නදිශා වරාපිටිය මෙනවියගේ සහෝදරයාගේ විවාහ මංගල උත්සවය පැවැති පසුගිය මැයි 23 දින මධ්‍යම රාත්‍රියේ සැකකරු නිවසට ඇතුල්වි ඇත්තේ මනාලියට ලැබුණු දැවැද්ද සහ මුදල් සොරාගැනිමේ අරමුණින් බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.
 
සැකකරු හොකන්දර ප්‍රදේශයේ දි 09  දින රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර 10දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 11දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණි. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ලබන 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස  මාතලේ අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (11දා) නියෝග කර තිබෙනවා.
 
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ වරාපිටිය පදිංචි දොන් ඩෙන්සිල් ජයවර්ධන නැමති 32 හැවිරිදි විවාහක අයෙකි.
 
 
සැකකරුගේ රුධිර සාම්පලයක් ඩි එන් ඒ පරික්ෂණය සදහා බොරැල්ල ජින්ටෙක් ආයතනයට යවා පරික්ෂණ සිදු කරන ලෙසත් එය බන්ධනාගාර අධිකාරිවරයා හරහා සිදු කරන ලෙසද නියෝග කළේය.