Wednesday, November 12, 2014

රෙදි සාප්පුවේදී තරුණියකට අතවර කරන්න හැදූ නිසා දඹුල්ල නගරය නොසන්සුන් වෙයි

දඹුල්ල නගරයේ රෙදි සාප්පුවක ෆිට් ඕන් කුටියේදී තරුණියකට අතවර කරන්නට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල නගරයේ කලබලයක් හටගෙන ඇත. රෙදි ගන්නට ආ තරුණියකගේ ඇගපත ෆිට් ඕන් කුටියකදී අතපත ගෑමට එහි සේවකයෙකු උත්සාහ කිරීමේදී තරුණිය කෑ ගසාගෙන එළියට පැමිණිමත් සමග නගර වැසියෝ එම වෙළඳසැල වටකොට තිබේ.
 
දඹුල්ල රෙදිපිළි සාප්පුවේ හිමිකරු හා සේවකයින් සිව් දෙනකු ප්‍රකාශ සටහන් කැර ගැනීම සඳහා පොලීසියට රැගෙනයාමත් සමග නගරයේ කලබලය අවසන් වී තිබේ. නමුත් එම අතවරය කිරීමට තැත් කළ සේවකයා එම ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇත.
 
         DSC05605 DSC05614 DSC05618 DSC05620 DSC05625 DSC05629 DSC05631 DSC05634 DSC05636