”ඇත්තටම මම හරි සරලයි. අහස උසට මාළිගා තනාගෙන හීන ලෝකයක මං ජීවත් වුණේ නැහැ. හොඳක් කළොත් එහි ආනිසංස ලැබෙන බව දැනගෙන හිටියා. ප‍්‍රශ්න ආවට ලොකුවට ඒ ගැන හිතන්නෙ නැහැ. ජීවිතයට සතුට අවශ්‍යයි. මට විවාහ යෝජනා ගොඩාක් ආවා. ඒත් ඒ එකකටවත් මගේ හිත ගියේ නැහැ. මට දෛවය දුන්න කෙනා තමයි අමර්. මම හොයපු, ඊටත් වඩා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් එයා. ඇත්තටම දැන් මගේ ජීවිතය හරිම සතුටින් ගෙවෙන්නෙ.”
මේ විදියට කියන මේනකා පීරිස් ගැන අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නැහැ. රූපවාහිනි තිරයේ හැඩකාර තරුවක් වන මේනකා මේ දිනවල ඒ හැඩකාර බව මවන්නෙ කළුඅරලියා, සබඳ බබානිස්, දස්කොන් යන නාට්‍ය සමගයි. මේ විදියට අද දවසේ ටෙලි තිරය හැඩකරන මේනකා ඇයගේ ජීවිතය හැඩ කරගන්න මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ කියන්නේ ඇයගේ විවාහයට සූදානම් වෙනවා. මේ මස අගදී පැවැත්වෙන මේ විවාහය ගැන සහ සහකරු අමර් ගැන ඇය විස්තර කළේ මෙලෙසිනි.
මේක
ඇත්තටම යෝජිත විවාහයක්. ගිය පෙබරවාරියේ දී තමයි මේ යෝජනාව ආවේ. ඒත් එයා
හිටියෙ ලංකාවේ නෙවෙයි. නමුත් මේ යෝජනාව නිසාම ලංකාවට ඇවිත් එයා මාව බලලා
ගියා. මුලින්ම මට ඕනෑ වුණේ බාරගත්ත වැඩ ටික ඉවර කරන්නයි. ඊට පස්සෙ විවාහයට
දින යොදා ගත්තා.
අවිස්සාවේල්ල. මූලික අධ්‍යාපනය එහිදී ලබාගෙන පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කරලා.
අම්මා
මට යෝජනා ගොඩක් ගෙනැල්ලා තිබුණා. නමුත් මගේ හිතේ මම හොයපු කෙනෙක් හිටියා.
එයා උගත්, සිගරට් x අරක්කු නොබොන කෙනෙක් වෙන්න ඕනෑ කියන මතයේ මම හිටියෙ.
මගේ තාත්තා කවදාවත් ගෙදර අරක්කු - සිගරට් බීලා නැහැ. ගෙදර ඒ පරිසරයට මම
ආසයි. මේ සියල්ලට අමතරව මගේ වෘත්තිය ගැන තේරුම් ගත්ත බුද්ධිමත් කෙනෙක්
වෙන්න ඕනෑ. ඇත්තටම ඒ ගුණාංග ඉහළින්ම ඔහු ළඟ තිබුණා. හැබැයි ඒ වුණාට
සංකීර්ණ චරිතයක් නෙවෙයි. බුද්ධිමත්, ඒ වගේම හරිම විනෝදයෙන් ජීවිතය ගෙවන
කෙනෙක්.
මම හැමදාම හිතුවෙ මූලික දේ පවුල් ජීවිතය විය යුතුයි කියලයි. අපේ අම්මා අපිව හොඳට හදපු නිසා ජීවිතය අපට දැනුණෙ ඒ විදියටයි. අමර් මගේ රංගන ජීවිතය ගැන බාධා කළේ නැහැ. ඒත් විවාහයෙන් පස්සෙ ඔයාව මට එක්ක එක්කගෙන යන්න වේවි කියලා අමර් කිව්වා. මම ඒක සතුටින් බාර ගත්තෙ. මොකද මම රඟපාන චරිත පවා බාරගත්තෙ හොඳ දේවල්. ඉතින් හොඳ වැඩක් කරලා රඟපෑමෙන් විවේකයක් ගන්න එක හොඳ දෙයක්. අමර් මේ කෙටි කාලයේ දී මං කවුද? කොහොම කෙනෙක්ද කියලා ඇහුවෙ නැහැ. දෑවැද්දට මොනවද දෙන්නෙ කියලා, මං කීයක් හම්බ කරනවද කියලා ඇහුවෙ නැහැ, ඔයාට අවශ්‍ය සියල්ල දීලා, මම ඔයාව අරගෙන යන්නෙ මම හෙව්ව හොඳ බිරිඳකට තියෙන ගතිගුණ ඔයා ළඟ තියෙන නිසා කියලා අමර් මට කිව්වා. ඒ හන්දා තමයි විවාහය ඉක්මනටම සැලසුම් කළේ.
මම හිතන්නෙ මම හරි සරලයි. මගේ අම්මා - තාත්තා - මල්ලි එක්ක මගේ පවුලේ වගකීම් දරන්න මට පුළුවන් වුණා. ඒ අපේ අම්මයි - තාත්තගෙනුයි ලැබුණු යහගුණය නිසයි. කොහොම වුණත් අමර් අපේ පවුලට වඩා ලැදියි. එයා මටත් වඩා මගේ අම්මාට තාත්තාට මල්ලිට ආදරේ කරනවා. මං හිතන්නෙ මම ගොඩාක් පිං කරලා තියෙනවා. එච්චරයි දැනට දැනෙන්නෙ.















































