Sunday, November 9, 2014

කරුට අපේක්ෂකත්වය නොදෙන තිරණයක් !

ඉදිරි ජනාධිපතිවරණයේදී 'පොදු අපේක්ෂකයා' ලෙස කරු ජයසුරිය මහතා ඉදිරිපත් කිරීමට නියමිත බවට වූ වාර්තා මාධ්‍ය වල පලවී තිබුනද, එජාප නායකත්වයෙන් ඒ සඳහා කිසිඳු අනුමැතියක් නොලැබෙන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

කරු ජයසුරිය මහතා ඉදිරිපත් කළහොත් තමා ඊට විරුද්ධව කටයුතු කරන බවට එම පක්ෂයේ නියෝජ්‍ය  නායක සජිත්  ප්‍රේමදාස මහතා මේවනවිටත් පක්ෂ නායකත්වය වෙත අනතුරු අඟවා තිබේ.

එම තත්වය තුල ජයසුරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහොත් පක්ෂය දෙකඩ විය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇත.

කෙසේවුවද, එළැඹෙන ජනපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ විමත් සමග ජනපති මහින්ද රාජපක්ෂ මහතා,  කරු ජයසූරිය මහතාට දුරකතනයෙන් අමතා සුබ පතා තිබේ.

ඉඉට පිළිතුරු ලබාදෙමින් කරු ජයසූරිය මහතා පවසා ඇත්තේ,  එම තීරණය තවමත් අවසන් වශයෙන් ගෙන නොමැති බවත්, ඒ සඳහා තව ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට සිදුව තිබෙන බවත්ය.