නිට්ටඹුව, දංඕවිට, කඹුරුගල්ල ප්‍රදේශයේදී අද (03)පෙරවරුවේ, බස් රථ 3ක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු විය.
පළමුව ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටී ඇති අතර පසුව පිටුපසින් පැමිණි තව ත් පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් ද අදාළ බස් රථවල ගැටී තිබේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 40 කට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.







ඡායාරූප : මනෝජ් එදිරිසිංහ, Newsfirst Ureporter, පස්යාල















































