හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන
මහතා විසින් ලබා දුන් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල පත්වීම් 1500 පමණ වහාම
අවලංගු කරන ලෙස සෞඛ්‍ය ලේකම් සුදර්මා කරුණාරත්න මහත්මිය විසින් රෝහල්
අධ්‍යක්ෂවරුන් වෙත ඊයේ (24) චක්‍රලේඛනයක් මගින් දන්වා ඇත.
මෙසේ පත්වීම් ලැබූ සේවක සේවිකාවන්ගේ පත්වීම්
ලිපිවල සෞඛ්‍ය ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් තබා
නොමැති බවත් එසේ ඔවුහු අත්සන් තබා නොමැති පත්වීම් නීත්‍යානුකූල නොවන බවත්
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය සඳහන් කරයි.
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේ සිය තනතුරු
අතහැර යන බව දැන දැනම මෙම පත්වීම් ලබා දීමෙන් පොළොන්නරුව කෑගල්ල ඇතුළු නගර
කීපයක පත්වීම් ලාභීන් අසරණ වී ඇතැයි සංගමයේ සභාපති ටී.එච්. සෝමරත්න මහතා
පැවැසීය.
මෙසේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ලෙස
පත්වීම් ලැබූ ඔවුන් පත්වීම් ලැබූ රෝහල් අවට මුදල් ගෙවා නවාතැන් ලබා ගෙන
ඇතැයිද පත්වීම් අහිමි වුවහොත් පත්වීම්ලාභීන් විශාල අපහසුතාවයකට පත් වන බවද
හෙතෙම පැවසීය.
කෙසේ නමුත් කොළඹ ජාතික රෝහලට මෙසේ පත්වීම්
ලැබ පැමිණි පිරිස ඊයේ (24) දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය අසල උද්ඝෝෂණයක නිරත වූ
අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල
මහතාගේ අත්සනින් යුතුව සේවකයින් අතට ලිපියක් පත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ සේවයට වාර්තා කිරීමට නැවත දැනුම් දෙන බවය.








