Friday, October 3, 2014

අමිල හැප්පුණ වෙලාවේ මහේෂි selfie ගහලා

"රිදී පහන්" ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුර දී මහේෂි මධුශංකා  විසින් selfie ඡායාරූපයක් ගෙන තිබේ.
රංගන ශිල්පි අමිල අබේසේකර අනතුරුට ලක් ව බිමි වැතිර සිටින අවස්ථාවක දී මෙම ඡායාරූපය ගෙන තිබීම බොහෝ දෙනාගේ අවධානයට යොමු ව තිබේ.

කාලෙන් කාලේට අලුත් මුහුණු එන යන තැනක් ලෙස පුංචි තිරය පෙන්වා දිය හැක. ඒ අතර ඇතැම් මුහුණු කාලයත් සමග පුංචි තිරයට නැතිව ම බැරි චරිතලෙස ගොඩනැගෙනු ඇත. මහේෂි මධුශංකා යනු මේ දිනවල පුංචි තිරයට නැතිවම බැරි චරිතයකි. 
පිපුණු මල්, මතු වරුසා, චායා වැනි ටෙලි නාට්‍ය තුළින් ජනප්‍රියත්වයට පත් ඇය මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන චරිතයක් ලෙස හැඳින් විය හැකි ය.