Friday, October 10, 2014

facebook හිමිකරුගේ රෙදි ගැලවෙයි

තොරතුරු තාක්ෂණයේ ඒකාධිපතියෙකු වීමට තමන්ට අවශ්‍ය නොවන බව  facebook හිමිකරු මාර්ක් සුකර්බර්ග් කියයි.ඉන්දියාවේ සංචාරයක නිරත ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී මේ බව පවසා තිබේ.

වෙනදා සැහැල්ලු ටීෂර්ටයකින් සහ ඩෙනිම් කලිසමකින් ලොව ඕනෑම අවස්ථාවකට සහභාගි වු මාර්ක් මෙවර කළු  පැහැ ටයි පටියක් බැද කෝට් එකක් හැද සිටීම විශේෂත්වයක් විය.

මෙහිදී අදහස් දක්වමින් මාර්ක් සුකර්බර්ග්  සදහන් කර ඇත්තේ ඉන්දියාවේ දුෂ්කර ගම්මාන අන්තර් ජාලය හරහා යා කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.අන්තර්ජාල පහසුකම් නොමැති දුෂ්කර ගම්මාන වලට ෆේස්බුක් වෙත පිවිසිය හැකි විශේෂ app එකක් හදුන්වා දීමට ඔහු අපේක්ෂා කරන බවත් එහි මුලික අදියර සැම්බියාවේදී දියත් කරන බවත් ඔහු කියා තිබේ.
 
ඉන්දියාවේ තොරතුරු තාක්ෂණයට දක්වන උනන්දුව  පිළිබදව  තමන් සතුටට පත්වන බව සදහන් කර ඇත් මාර්ක් සුකර්බර්ග් පෙන්වා දී ඇත්තේ  දේශිය භාෂා සම්බන්ධයෙන් ෆේස්බුක් ඉදිරියේදී අවධානය යොමු කරන බවයි.

සුකර්බර්ග් ඉන්දියාවේ දින දෙකක් කාලයක් ගත කර ඇති අතර ඔහු අන්තර්ජාල සබදතාවන්ගෙන් තොරව ෆේස්බුක්  වෙත පිවිසිය හැකි app එකක් හදුන්වා දීමේ කටයුත්තක් සදහා ඉන්දියාවට පැමිණ තිබේ.
සුකර්බර්ග් සහ ඉන්දිය අගමැතිවරයා අතර හමුව දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න