සැකකාර වෛද්‍යවරයා කාලාන්තරයක් තිස්සේ කොල්ලුපිටියේ මෙම ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා. මීට අමතරව මහනුවර සහ කුරුණෑගල එම ස්ථානය ලැගුම්හලක් ලෙස ද පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. නෙත් එෆ්.එම්. බැලූම්ගල කණ්ඩායම මාස කිහිපයක් තිස්සේ කළ ගවේෂණයකදී මෙම වැටලීම සිදුවුණා.
SEA SHORE GUEST නමින් මෙම ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ 314/2 බී ගාලු පාර කොළඹ 03 යන ලිපිනයේ පිහිටි මෙම වෛද්‍යවරයාගේ නිවසේය. තෙමහල් නිවසේ පහළ මාලයේ ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතරතුර ඉහළ මාලයන්හි මෙම පුද්ගලයාගේ බිරිඳක් සහ දරුවන් කිහිපදෙනෙකුද පදිංචිව සිට තිබෙනවා.
තමන් වසර 25ක පමණ කාලයක සිට නීති විරෝධී ගබ්සාවන් සිදු කරමින් සිටිනා බවද මොහු පවසා තිබෙනවා. එහිදී වැඩිදුරටත් ඔහු අනාවරණය කර ඇත්තේ ගබ්සාවක් කිරීම සඳහා ගතවන්නේ විනාඩි දෙක තුනක් බවය. ඒ සඳහා රුපියල් 20000ක් 30000ක් පමණ අය කරනා බවයි ඔහු පවසා ඇත්තේ. පාසල් යන වයසේ දරුවන්ගේ සිට වයස අවුරුදු හතළිහ (40) හතළිස්පහ (45) වයස් කාණ්ඩවල කාන්තාවන් මෙම ස්ථානයෙන් ගබ්සා කරගෙන ඇතැයිද ඔහු පවසා තිබෙනවා. මෙවැනි කාන්තාවන් දහයක් විස්සක් දිනකට ගබ්සා සඳහා පැමිණෙන බවයි ඔහු පවසා ඇත්තේ.
මෙම මධ්‍යස්ථානයේ තිබී මෙරටට ගෙන්වීම තහනම් ඖෂධ සහ උපකරණ රාශියක් අත්අඩංගුවට පත්ව ඇති අතර ඒවා රාජ්‍ය නොවන සංවිධාන හරහා ගෙන්වාගත් බවයි ඔහු පවසා ඇත්තේ.තවද එම ස්ථානය වැටලු අවස්ථාවේ වෛද්‍යවරයා සතුවව තිබු නිල් චිත්‍රපටද සොයාගෙන තිබේ.















































