මමසම්පූර්ණ නම - කාවිංග නාමල් පෙරේරා
වෙනත් නම් - කාවි
වයස - අවුරුදු 27 යි
කායවර්ධනය ගැන උනන්දුයිද? - එච්චරම උනන්දුවක් නෑ, වෙලාව හොයාගන්න අමාරු නිසා.
උස - :අඩි 6 බර - කි. ග්‍රෑ. 80
කලාව
විලාසිතා ගැන උනන්දු ඇයි? - මිනිස්සු නළුවෝ ගැන උනන්දු නිසා
වඩාත්ම ආකර්ෂණීය වුණු නිළිය කව්ද? - මාලනී ෆොන්සේකා,
අනර්කලී ආකර්ෂා, නදීෂා හේමමාලි
ආක්ෂා සුදාරි අතරින් සරාගීම නිළිය කව්ද? - ඒ තුන්දෙනාම සරාගියි. මොකද ඒ තුන්දෙනාට තියෙන්නේ
ටැලෙන්ට් තුනක්.
කලාවෙන් උපයන මාසික ආදායම කීයද? - ඒක කීවොත් ලොකු ප්‍රශ්නයක් වේවි
කලාවේ නමින් අයුතු ව්‍යාපාර කර නළු නිළියන් ඉන්නවාද? - එහෙම කියන්න ප්‍රමානවත් සාක්ෂි නෑ.
විවාහය
විවාහය ලියාපදිංචි කළ යුතුද? - දික්කසාද නොවෙන්න විවාහය ලියාපදිංචි කරන්න ඕන තමයි
විවාහයේ දී පිරිමි අය දෑවැදි හොයන්නේ ඇයි? - ඒක පවුල් පසුබිමත් එක්ක
තීරණය වන දෙයක්.
සමලිංගික විවාහය නීතිගත කළ යුතුද? - ඒකට උත්තරයක් නෑ.
මොකද මම එහෙම කෙනෙක් නෙවේ.
Living together ජනප්‍රිය වීම හොඳද? නරකද? - දෙකම තියෙනවා. හොඳ තමයි විවාහයට කලින් ඒ කෙනාව තේරුම් ගන්න පුළුවන්. නරක ඒ දෙන්නටම වෙන අසාධාරණයක්.
විවාහය කල් දාන්නේ ජනප්‍රියත්වය අඩුවෙයි කියලද? - අනේ නෑ. තාම විවාහ වෙන්න
කෙනෙක් නෑ.
දවස
අමද්‍යපද? - නෑ
මත්ද්‍රව්‍ය භාවිතයෙන් රෝගී වූ විට රජයේ රෝහල්වලින් මුදල් ගැනීම සාධාරණ ද? - ඒක තීරණය වෙන්නේ සමාජ මට්ටමත් එක්ක.
පාවිච්චි කරන වාහනය මොකක්ද? - MAXA ඩෙමියෝ
දේශපාලනයට ආවොත් මොන පක්ෂයෙන්ද? - ඒක අනාගතයේ දී කියන්නම්.
ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයිද? - සමාජ සංස්කෘතියත් එක්ක ගැළපෙනවද නැද්ද කියන්න අමාරුයි. හැබැයි ඒ වෘත්තියට යොමු වෙන්නෙ ඒ කෙනාගේ කැමැත්තත් එක්ක.
ආදරය
ගැහැනු ළමයකු ගැන හිත යන මූලිකම කාරණා තුන? - එක එක්කෙනාගේ එක එක දේවල්
ක්‍ෂේත්‍රයේ කෙනෙක් බිරිද කරගන්න අදහසක් තියෙනවද? - මට හරියන කෙනෙක් ලැබුණොත් එයා කලා ක්‍ෂේත්‍රයේද,
වෙන ක්‍ෂේත්‍රයකද කියන එක වැදගත් නෑ. - රංගන ශිල්පිණියන් කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවද? -
මම ආදරය කළේ එකම කෙනාටයි. ඒ ආක්ෂා සුදාරීට විතරයි.
කී පාරක් බූට් කාලා තියෙනවද? - බූට් නම් කාලා තියෙනවා. ඒත් ගාන කීවොත් ඒ අයට කරන අසාධාරණයක් ඒක.
ආදරය තුළ ආනුරාගයේ ප්‍රතිශතය කීයද? - චරිතත් එක්ක වෙනස් වෙනවා. අනුරාගය නොතිබුණත් ආදරය තියෙන්න පුළුවන්.
තිළිණි මධුවන්ති
ඡායාරූප - චමිල කරුණාරත්න

















































