Friday, October 3, 2014

රිතික් රෝෂන්ට රසිකයෙක් ගහලා..

පසුගිය දා රාත්‍රියේ දී මුම්බායි සිනමා ශාලාවක රසිකයෙකු රිතික් රෝෂන්ගේ ගෙලින් අල්ලා ඇද පහරදීමට තැත්කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුව තවත් පුද්ගලයින් තිදෙනෙකු එක් වී රිතික් රෝෂන්ට පහර දීමට උත්සාහ කළ පුද්ලයා මැඩපවත්වා ඇත.
රිතික් සිය දරුවන් සමග ඔහු රංගනයෙන් දායක වූ බැන්ග් බැන්ග් චිත්‍රපටය නැරඹීමට ගිය අවස්ථාවේ දී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු රිතික් තම දරුවන් සමග වහා එම ස්ථානයෙන් පිට වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.