නන්දිකඩාල් වඩ්ඩුපාගල් පාලම ආසන්න ප‍්‍රදේශයේ දී මෙම තත්ත්වය වඩාත් බහුල ව පවතී. මැරුණු මාළුවන් කලපුව තුළ ම නරක්වීමට පටන් ගැනීම හේතුවෙන් අවට ප‍්‍රදේශය ද මේ දිනවල දැඩි දුර්ගන්ධයකින් වෙළී පවති.

පැවැති නියඟයත් සමග මෝයකට වැසී යාමෙන් කලපුවේ ජල පරිමාව පහළ යාමෙන් මෙම තත්ත්වය උද්ගත ව ඇති බව මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයෙන් කළ විමසීමක දී එහි නිලධාරියකු පැවසී ය.
කලපුවේ ඇති අඩු ජල පරිමාවේ ලවණතාව වෙනස්වීම මෙලෙස මාළු මිය යාමට හේතු වී ඇති බව එම නිලධාරියා පෙන්වා දෙයි.
මාළු ලක්ෂ ගණනක් එකවර මිය යාම හේතුවෙන් කලපුව අවට දුර්ගන්ධය හට ගෙන ඇති බව පැවසූ එම නිලධාරියා තවදුරටත් කියා සිටියේ මහජන සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කර සෙසු ආයතන හා ධීවරයන්ගේ ද සහය ඇති ව මිය ගිය මාළු ඒකරාශි කර කලපුවෙන් ඉවත් කර තත්ත්වය පාලනය කිරීමට කටයුතු අරඹා ඇති බවයි.


