රූපවාහිනී
තිරයේ නිරන්තරයෙන් දක්නට නොලැබුණද ඇයගේ මියුරු හ¾ඩින් ගීතවත් වූ
නිර්මාණයන් රසිකයන් අතර අදත් ජනප්‍රියයි. ගායනයෙන් නර්තනයෙන් ඔපවත් වූ ඇය
අන් කවරෙකුවත් නොව කුෂාණි සඳරේඛායි. තරමක නිහැ¾ඩියාවකින් පසු රිවිසරසි අපි
ඇයත් සමඟ කළ සුහද කතාබහකි මේ.කුෂානි වැඩිය දකින්න නැත්තේ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලාද?
ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා නම් නෑ. පසුගිය කාලයේ වැඩ කිහිපයකටම මම සම්බන්ධ වුණා. සිනමා නිර්මාණ දෙකකටත්, ටෙලි නාට්‍යයකටත්, වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් ගායනයෙන් දායක වුණා. ඒ වගේම පුංචි අම්මා අනෝජා වීරසිංහ මහත්මියත් එක්ක එකතුවෙලා අභිනය රංගන පාසලෙන් විශේෂ අවශ්‍යතා ඇති සහෝදරයින් වෙනුවෙන් කළ පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මේ සියලු දේත් එක්ක රේඛා සංගීත ආශ්‍රමයේ ගායන, වාදන, නර්තන කටයුතු සිදු කරගෙන යනවා. විදෙස් ප්‍රසංග කිහිපයකටත් ළඟදී සම්බන්ධ වුණා.
අලුත් සංගීත කටයුත්තකට ළඟදීම දායක වෙනවා කියලා ආරංචියි. කැමති ඒ ගැනත් දැනගන්න.?
රොමැන්ටික් ඔපෙරා නම් ප්‍රසංගය දෙවන වරටත් නොවැම්බර් පළමුවැනිදා මීගමුවේ ආවේ මරියා පාසලේදී සවස 7ට පැවැත්වෙනවා. ප්‍රසංගයට කසුන් කල්හාර, මම, ඉන්ද්‍රචාප, නදීක ගුරුගේ අපි හතර දෙනාම ගායනයෙන් දායක වෙනවා. සංගීතයෙන් උමතු වූ නවතාවයක් හොයන තරුණ පිරිසට මෙය වර්ණවත් ප්‍රසංගයක් වේවි.
කුෂාණි නිර්මාණ තුළින් නිතර දක්නට නොලැබෙන කෙනෙක්. ඇයි ඒ?
මම ඒ විදියට කැමති කෙනෙක්. මගේ ප්‍රතිපත්තිය තමයි හුදෙක් ජනප්‍රියත්වයට හෝ මුදල්වලට නිර්මාණ කරන්නේ නෑ. මම ආදරය කරන වටිනා ගැඹුරු විෂයක් හෑල්ලුවට ලක් කරන විදියට කටයුතු කරන්න කැමති නෑ. කාලයත් එක්කම හොඳ නරක පිළිබඳ අවබෝධයක් අපට ඇතිවෙනවා. මගේ දෙමව්පියෝ, නෑදෑයෝ සියලු දෙනාම කලා ක්ෂේත්‍රය තුළ සාර්ථකත්වයක් ගොඩ නගා ගත්ත අය. ඒ නිසාම මට වගකීමක් තියෙනවා කලා ක්ෂේත්‍රය තුළ ඔවුන් ගොඩනගා ගත් සාර්ථකත්වයට හානියක් නොකර හොඳ විදිහට ක්ෂේත්‍රය තුළ ගමනක් යන්න.
ගායනය හැරුණාම වෙනත් කලා කටයුතුවලට ඔබ කැමැත්තක් දක්වන්නේ නැද්ද?
ගායන කටයුතු හැරුණාම නර්තන ගුරුවරියක ලෙසත් ගායන සහ නර්තන උපදේශිකාවන් විදියට කටයුතු කරනවා. ඊට අමතරව විවිධ ආයතනවලින් ලැබෙන නිර්මාණවලට දායක වෙනවා. ඒ වගේම නිර්මාණයන් අධ්‍යක්ණය කිරීමේ කටයුතු කරනවා.
රියැලිටි වැඩසටහන්වලට දායක වන නවකයින්ට ගායනය නර්තනය පුහුණු කිරිමේ කටයුතුවලත් නිරත වෙනවා.
රේඛා කියන්නේ වෙනස් ෙශෙලයකින් නිර්මාණය කළ ගීත ඇල්බමයක්. කොහොමද එයට ලැබෙන ප්‍රතිචාර?
2009 තමයි ගීත 12 ක් ඇතුළත් වූ රේඛා ඇල්බමය නිකුත් කළේ. විවිධ ෙශෙලීන් යොදාගෙන ගායිකාවක් ලෙස ලංකාවේ කළ පළමු ගීත ඇල්බමය තමයි රේඛා කියන්නේ. එහි ඇතුළත් වූ වරංගනා, කුරුල්ලෝ, නුඹේ තාලෙන්, මටම මට ආදී ගීතවලට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.
වර්තමානයේ ගීතයක් ජනප්‍රිය වෙන්න නම් රූප රචනාවක් අවශ්‍යයි කියන මතය සමාජ ගතවෙලා තිබෙන දෙයක්. නමුත් ඔබේ බොහොමයක් ජනප්‍රිය වූ ගීත සඳහා රූප රචනාවක් නිර්මාණය වුණේ නෑ. ඇත්තටම ගීතයක පැවැත්මට රූප රචනාවක් අවශ්‍යමද?
මගේ ගීත ගැන කතා කළොත් කුරුල්ලෝ නුඹේ තාලෙන්, කසුන් සමග ගායනා කරන සරා සඳේ සිරියාවි, පැතූ සෙනෙහෙ සේයා රූ යන ගීත රූප රචනා නැතුව ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියට පත්වුණා. යම්කිසි ගීත නිර්මාණයක ගීතයට, ගායනයට, සංගීතයට, අර්ථයට හානියක් නොවී ගීතයට වර්ණවත් භාවය එක් කරන්න රූප රචනාවක් කිරීමේ කිසිම ගැටළුවක් නෑ. නමුත් මගේ පෞද්ගලික අදහස නම් හැම ගීත නිර්මාණයකටම රූප රචනාවක් අවශ්‍ය නෑ.
යම් නිර්මාණ කටයුත්තකට දායක වෙන්න කුෂාණි ඉහළ මිලක් අය කරනවා කියන්නේ ඇත්තද ?
කුෂාණිත් එක්ක වැඩ කරන්න බෑ, ප්‍රසංගවලට සහභාගි වෙන්න වැඩි මිලක් අය කරනවා, වගේ කතාවක් ප්‍රචාරය වුණා. මෙහෙමයි මම යම් නිර්මාණයකට දායක වෙනවා නම් සියයට දාහක් මගේ දායකත්වය එයට ලබා දෙනවා. එයට වටිනාකමක් ලැබෙන ලෙස ගෞරවාන්විත විදියට මගේ කාර්ය භාරය මම කරනවා. එහිදී කාටවත් අසාධාරණයක් නොවෙන ලෙස සාධාරණ මිලක් මම අය කරනවා.
ඇත්තද ඔබ තෝරාගත් පිරිසක් සමග විතරක් වැඩ කරනවා කියන්නේ?
එහෙම කිසිම දෙයක් නෑ. වෘත්තීය ගායන ශිල්පිණියක් විදියට පෞද්ගලික ප්‍රශ්න මම වෘත්තියට අදාළ කර ගන්නේ නෑ. මම දායක වන නිර්මාණවලට මම වටිනාකමක් දෙනවා වගේම මටත් වටිනාකමක් ලබා දෙන පිරිසක් සමග වැඩ කරන්න කැමතියි. එහිදී කලාව නැති කරන පිරිසක් සමග එකතු වෙනවාට වඩා කලාව රැක ගන්න පිරිසක් සමග වැඩ කරන්න තමයි මම කැමති. මට කියන්න තියෙන්නේ ඒ සියලු දේ බොරු කටකතා පමණයි.
ෂයමි ගමගේ
ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත


















































