Tuesday, October 28, 2014

සර්ප විසට මෙවන් විපතක් කළ හැකි බව ඔබ දැන සිටියාද?

13 හැවිරිදි දැරියකගේ කකුල සර්පයකුගේ දෂ්ඨ කිරීමකින් අනතුරුව නරක වීමට ලක්වූ අයුරු විදෙස් මාධ්‍යය මගින් වාර්තාකොට තිබේ. සර්ප විස ශරීරයට ඇතුළු වීමෙන් අනතුරුව ඇයට ප්‍රතිකාර කරනු ලැබුවත් ඇයව එම විෂෙන් මුදවාගැනීමට හැකිවී නොමැත.සර්ප විස සඳහා පළමුව ඇගේ සංස්කෘතියට අනුව ප්‍රතිකාර කොට තිබේ.
 
ඉන් මසකට පසුව ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනිසියුලාවේ Carcaras වෙත ගෙනවිත් ඇති බව මාධ්‍යය වාර්තා කොට තිබුණි. මෙම තත්වය හඳුන්වනු ලබන්නේ "නෙක්රෝසිස්"ලෙසය.
 
ඇගේ කකුලේ ෛසල මිය ගොස් ඇති අතර ඇගේ ජීවිතය බේරාගැනීමට නම් කකුලේ නරක්වූ කොටස වහා ඉවත් කළ යුතු බව විදෙස් වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබේ.