Sunday, October 26, 2014

හිරු ට ජනප්‍රිය නළුවා ජැකාගේ පුතා !

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ්ස් සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා, නිළිය සහ ජනප‍්‍රිය ගීතය යන අංශ අනුව ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේ සිරි පැරකුම් චිත‍්‍රපටයට රංගනයෙන් දායක වූ අකිල ධනුද්දරය.

මෙහි ජනප‍්‍රියම නිළියට හිමි සම්මානය හිමිකරගත්තේ යශෝධා විමලධර්ම වන අතර ඇයට එම සම්මානය  හිමිවූයේ සමනල සංධ්වනිය චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙනි

ජනප‍්‍රියම චිත‍්‍රපටයට හිමි සම්මානය හිමි වූයේ සිරි පැරකුම් චිත‍්‍රපටයි.

ඉනියවන් හොඳම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍රවූ අතර හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකරගත්තේ එම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ අශෝක හඳගම විසිනි.

හොඳම නළුවා ලෙස සම්මානය ඉනියවන් චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් දායකත්වය දැක්වූ දර්ශන් ධර්මරාජ් විසින් දිනා ගත්තේය.

 හොඳම නිළිය සම්මානය චාන්දනී සෙනෙවිරත්න හිමිකරගත් අතර ඇය එම සම්මානයට හිමිකම් කීවේ නිකිණි වැස්ස චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙනි

අමරසිරි පීරිස් හොඳම චිත‍්‍රපට පසුබිම් ගායකයා ලෙස අමරසිරි පීරිස් හිරු  ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් සම්මාන උළෙලේ සම්මානයට පාත‍්‍ර විය.

හොඳම ගායිකාවට හිමි සම්මානය උරේෂා රවිහාරි හිමිකරගත්තාය. ඇය එම සම්මානයෙන් පිදුම් ලැබුවේ කුසපබා චිත‍්‍රපටයේ ජල ධාරා ගීතය  වෙනුවෙනි.

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ්ස් සම්මාන රාති‍්‍රය සංවිධාන වුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවය.

කෙසේවුවද ජැක්සන්ගේ පුත් ධනුද්ධර ජනප්‍රියම නළුවා වීම සම්බන්ධයෙන් එහි පැමිණ සිටි කලා කරුවන් බොහො පිරිසක් සිය අප්‍රසාදය පල කර ඇති බවද පැවසේ.

එක් චිත්‍රපටයක පමණක් රඟපා ඇති ඔහු ජනප්‍රියම නළුවා වීම සම්බන්ධයෙන් ඇතැමුන් විමතිය පල කළ බවද පැවසේ.