ලෝක
ප්‍රකට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් තමා සමලිංගිකයෙකු
බවත් එය ඔහට ආඩම්බරයට කරුණක් බවත් "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" වෙබ් අඩවිය
වෙත පවසා තිබේ. අද (30) දිනයේ පළවූ එම ලිපියේ ටීම් කුක් සිය අව්‍යාජ අදහස්
පලකොට තිබුනේ පහත පරිද්දෙනි.
"මම කවදාවත් මගේ ලිංගිකත්වය
හැංගුවේ නැහැ...ඒ වගේම මම එක ප්‍රසිද්ධියේ කිව්වෙත් නැහැ...දැන්
වෙනකන්ම...බොහෝ ඇපල් සමාගමේ සේවකයන් බොහෝ දෙනෙක් මෙය දැන සිටියේ නැහැ..මට
බොහොම පැහැදිලිව කියන්න ඉඩ දෙන්න...මම සමලිංගිකයෙකු වීම ගැන මට
ආඩම්බරයි...එය දෙවියන් විසින් මට ලබාදුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගයක් ලෙස මම
සලකනවා...
සමලිංගිකයෙකු වීම මගින් මට බොහෝ ගැඹුරු
අවබෝධයක් ලබා දුන්නා සමාජයේ සුළු ජන කොටසක් ගැන..එය මා ගොඩක් සානුකම්පිත
කරනු ලැබුවා...එකම තමා මගේ ධනවත් ජීවිතයට පාර කියා දුන්නෙත්...සමහර වෙලාවට
එය බොහෝ අපහසු වූ අවස්ථා තිබුනා..නමුත් මම, මම විදියටම පෙනී සිටියා..මගේ
මාර්ගයේම ගමන් කළා...අද ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමලිංගිකයෙකු
බව කීම නිසා වෙනත් අයෙකුට තමාගේ යිතින් වෙනුවෙන් නැගී සිටීමට එය ශක්තියක්
වෙන්න පුළුවන්."
















































