Tuesday, October 7, 2014

මරාගෙන මැරුණු සුරූපිණිය

සිරියාවේ කෝබේන්වල කුර්දිෂ් කැරළිකාරයෝ සහ Isis ගරිල්ලන් අතර සටනේ සිටි අරීන් මිර්කාන් නමැති කුර්දිෂ් කැරළිකාරිණිය  Isis ගරිල්ලන අතරට බෝම්බ බැඳගෙන ගොස් පුපුරවාගෙන මරණයට පත් ව තිබේ.
මෙලෙස තවත් කුර්දිෂ් කාන්තාවෝ විශාල පිරිසක් මෙම ජීවිත පරිත්‍යාලයට සූදානමින් සිටින බව වාර්තා වේ. මෙම තරුණිය එල්ල කළ ප්‍රහාරයෙන් Isis ගරිල්ලන් 27 දෙනෙක් මරණයට පත් ව ඇත.

Isis ගරිල්ලන් යනු මේ වනවිට ලොව සිටින දරුණුත ම ත්‍රස්තවාදී කණ්ඩායම වේ. ඔවුහු සිරියානු සීමාවේ වෙන ම ඉස්ලාමීය රාජ්‍යයක් ඉල්ලමින් සටන් කරති.
සිරියාවේ සීමාවේ නගර කිහිපයක් ඔවුන් විසින් මේ වනවිට අයිති කරගෙන තිබේ. මෙම ත්‍රස්ත සංවිධානය ලොව ධනවත් ම ත්‍රස්ත සංවිධානය ලෙස ද හඳුනවයි.
ඔවුන්ට දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 03 ක පමණ ආදායමක් ලැබෙන බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.
මෙම සංවිධානය තෙල් ළිං අත්පත් කරගෙන සිටින අතර මංකොල්ලකෑම් සිදු කරමින් සිටී. ලොව ඉස්ලාමීය සංවිධාන මුදල්වලින් ඔවුන්ට උපකාර කරයි.
මේ වනවිට Isis ගරිල්ලන් මුළු මහත් ලෝකයට ම තර්ජනයක් වී ඇති බවත් ඔවුන් දිනපතා විදේශිකයෝ ඝාතනය කරන බවත් වාර්තා වේ.
මෙම විපත හේතුවෙන් කුර්දිෂ් කාන්තාවෝ පවා අවි ආයුධ රැගෙන මෙලෙස මරාගෙන මැරෙන සටන්වලට එළැඹෙන බවත් අරීන් මිර්කාන් නමැති කුර්දිෂ් කැරළිකාරිණිය එවැනි අවස්ථාවක දී මරණයට පත් ව ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.