Saturday, September 27, 2014

‘‘හරි දේ කරන්න බය වෙන්න එපා’’

පසුගියදා පැවැත්වූ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේ කිරුළ හිමිකරගත් සුරූපිණිය ඇයයි. ඇය නමින් ඉමායා ලියනගේය. මේ රූ රැජිණ කිරුළ ලැබීමත් සමග දැන් ඇයට එළැඹෙන ලෝක මිහිකත රූ රැජිණ තරගය නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබේ. එළැඹෙන නොවැම්බරයේ පිලිපීනයේ පැවැත්වෙන මිස් අර්ත් හෙවත්, ලෝක මිහිකත රූ රැජිණ තරගයේ දී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදෙනු ඇතැයි මෙම රූ රැජිණ අංශයේ ප‍්‍රවීණයින් ඉමායා ගැන විශ්වාසය තබා ඇත. මිහිකත රැජිණ කිරුළ සොයායන මොහොතක ඉමායා ඇය ගැන විස්තර සඳැල්ලට පැවසුවේ මෙලෙසිනි.
2
මම ඉමායා ලියනගේ. ගම වෙන්නප්පුව. ඉගෙන ගත්තෙ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි විතරයි. දැන් මගේ වයස අවුරුදු 22 යි.

01ඇයි ඔබට රූ රැජිණ තරග සඳහා සහභාගි වෙන්න හිතුණේ?
මීට කලිනුත් මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඞ් තරගයට ඉදිරිපත්වුණා. එහිදී හොඳම 12 දෙනා අතරට තේරුණත් ජයක් ලැබුණේ නැහැ. නමුත් එය හොඳ අත්දැකීමක් වුණා. එය අත්දැකීමක් කරගෙන තමයි මෙම තරගයට එක්වුණේ.

DSC_7359 01රූ රැජිණ තරගවලට සහභාගී වෙන්න විශේෂ හේතුවක් තිබුණද?
ඇත්තටම ආසාවක් තිබුණා. ඒ ආසාව නිසා තමයි මෙවර මෙම තරගයට ඉදිරිපත් වුණේ. හැබැයි මේ නිසා ලැබුණේ ජයග‍්‍රහණය විතරක් නෙවෙයි. මාස තුනක විතර වැඩමුළු ආදියට සහභාගිවීම නිසා පරිසරය ගැන බොහෝ දේ දැනගත්තා. පරිසරයට ගොඩාක් සංවේදී වුණා. දැන් ශ්‍රී ලංකාවේ පරිසර තානාපතිනිය නාමය මේ කිරුළ සමග මට ලැබී තිබෙනවා. පරිසරයට ලොකු සේවයක් කිරීම තමයි දැන් අරමුණ.


01රූ රැජිණ තරගවලට විතරද ඔබ ඉදිරිපත් වන්නේ?
 විලාසිතා නිරූපණ ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. ගියවර මිස් ශ්‍රී ලංකා තරගයෙන් පසුව තමයි ඒ අංශයට යොමුවුණේ.


01මීට පෙර ඔබ පරිසරයට සංවේදීව සිටියෙ නැද්ද?
පරිසරයට ආදරෙයි. ඒත් ඊට වැඩිය ලොකු ලෙංගතුකමක් පරිසරය කෙරෙහි ඇතිවුණා. හිටියට වඩා පරිසරය කෙරෙහි සංවේදී වූ බව කියන්න පුළුවනි.


01මේ සමග රඟපෑමටත් අවස්ථා ලැබෙන්න ඇති?
ඔව්, මීට පෙර සිටම රඟපෑමට ආරාධනා ලැබුණා. නමුත් තවම ඒ ගැන හිතුවෙ නැහැ. පාසල් කාලයේ දී රංගනයට සමීපවDSC_7371 සිටියා. ඒ වගේම නර්තනයටත් දක්ෂ වුණා. මේ සියල්ලට අමතරව චිත‍්‍ර ඇඳීමේ දක්ෂතාවයත් තියෙනවා.


01 මේ විදියට ජනප‍්‍රිය ක්ෂේත‍්‍රවලට ඒමට අදහස් කරන තරුණියන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?
මම කොළඹින් පිට ගමෙන් ආව කෙනෙ. ඉතින් ගම් පළාත්වල බොහෝ දක්ෂ අය සිටිනවා. එයාලට ආසාවක් තියෙනවා. ඒත් මේ ක්ෂේත‍්‍රයට එන්න බයයි. හැබැයි මේ ක්ෂේත‍්‍රයට ඒමට බිය විය යුතු නැහැ. අපට ප‍්‍රවීණ උපදෙස් ආදී බොහෝ දේ ලබාගෙන ජීවිතයට පන්නරයක් ලබාගත හැකියි. මුළුගැන්විලා ඉන්නවාට වඩා හරි දේ කරන්න බිය විය යුතු නැහැ. හැකියාව සහ රූපයෙන් හොඳ විදියට ප‍්‍රයෝජන ගැනීම අප සතු දෙයක්.