ගැබිනි මාතාවක් ලෙස වෙස් වලාගත් දඹුල්ල පොලිසියේ පොලිස් කාන්තාවක විසින්
සිදු කරන ලද වැටලීමකදී ජංගම ගබ්සා මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන ගිය
විශ්‍රාමික රෝහල් සුළු සේවකයකු අත් අඩංගුවට ගැනෙයි. මෙම සැකකරු පෙරේදා (25
වැනිදා) අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු දීර්ඝ කාලයක සිට ගබ්සාවන්
සිදුකරමින් මුදල් උපයා ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
මෙම
සැකකරු දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනිදා දක්‌වා
රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා
නියෝග කළේය.දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත පෙරේදා (25 දා) පෙරවරුවේ
කළ වැටලීමකදී මෙම සැකකරු කොටු වී ඇත්තේ දඹුල්ල නගරයට නුදුරු නිවසකදී ය.
දඹුල්ල
මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරනාත් සමරකෝන් මහතාගේ උපදෙස් මත
වෙස්‌වලාගත් පොලිස් කාන්තාවක් ගබ්සාවක් කරගන්නා මුවාවෙන් මෙම සැකකරු
හමුවීමට ගොස් ඇත.ගබ්සාව කිරීමට අදාළ ස්‌ථානයට මෙම සැකකරු පැමිණෙන අතර
වෙස්‌වලාගත් පොලිස් කාන්තාව හමුවීමට පැමිණ ඇත්තේ ද ඇය දැනුම් දුන්
ස්‌ථානයටය.
සිලි බෑගයක දමාගෙන සැකකරු අදාළ වෛද්‍ය උපකරණ රැගෙන පැමිණි බව පොලිසිය පවසයි.
සැකකරු වෙස්‌වලාගත් පොලිස් කාන්තාව ගබ්සාවට ලක් කිරීමට සූදානම් වෙද්දී එහි රැක සිටි පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු
එක් ගබ්සාවක් සඳහා රුපියල් විසිදහසක මුදලක් ලබා ගන්නා බව ද ඔහුගෙන්
ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. පොලිසිය පවසන්නේ මෙම සැකකරු ඉතාම අනාරක්‍ෂිත
ආකාරයට ගැබිනි කාන්තාවන් රැසකට ගබ්සාවන් සිදුකර ඇති බවයි.